මේ රට මගෙ රට මා ඉපදුන රට.

maxresdefault

මාලිනී බුලත්සිංහල ගැයූ “මේ රට මගෙ රට” ගීතය ආශ්‍රය වන ආකාරයට මෑතකදී එෆ්.ටී.ටී (FTT) අයාතනය විසින් නිර්මාණය කර ඉදිරිපත් කර තිබූ තේමා-පාදක වීඩියෝව මතු කරන්නට උත්සාහ කර තිබුණේ ලංකා (වඩා නිවැරදිව කිවහොත්, අප ජීවත්වන දූපතේ) ඉතිහාසයේ කතිකාව භීෂණාත්මක ආක්‍රමණ මාලාවක හා බලයෙන් යටපත් කරගැනීම් දාමයක විකාශනයක් හරහා ගලා එන්නා බවයි. පවත්නා අධිපති මතයට අනුව “ඉතිහාසය” යන තේරුමක් නැති වචනයෙන් එහාට ගොස් සංකල්පීයව අතීත සිදුවීම් නැවත ගොඩනංවන්නට උත්සාහ කිරීමේදී මෙම ආක්‍රමණ, බලය පැහැරගැනීම්, භීෂණය හා ප්‍රචණ්ඩත්වය ආදී දේ දූපත හා සබැඳි සෑම රාජ්‍ය සමයකමත්, අධිරාජ්‍යවාදය හරහාද විත් බ්‍රිතාන්‍ය පාලන යුගයෙන් පසු පශ්චාත්-නිදහස් සමයේදීත් ඒ ඒ ආකාරයෙන් දක්නට ලැබේ. මෙම ප්‍රචණ්ඩත්වයට අප සමාජයන් අවනත කරගැනීමට ඇති හැකියාවද අප සෑම පරපුරක්ම අඩු-වැඩි වශයෙන් අත්දැක ඇත්තෙමු, අත්දකින්නෙමු.

unnamed (1)
An FTT icon

යටකී වීඩියෝවට සෘණාත්මක ප්‍රතිචාර දක්වා තිබුණෝ බොහෝ දෙනෙක් එය දුටුවේ ලංකාවේ “ප්‍රෞඩත්වය” හා “අතීත උරුමයන්” නොසලකා හැර එම “ශ්‍රේෂඨ ඉතිහාසයේ” එක් අංගයක් / අංශුවක් පමණක් මතුවන ආකාරයට “හිට් වෙන ආකාරයේ” නිර්මාණයක් කරගෙන ඇති බවයි. එය පොදුවේ අසාරවත් අදහසක් වන අතර, විචාරයේ අඩු තැනකින් පැන නගින්නක් ලෙස යෝජනා කල හැක. මම දකින ආකාරයට මෙම වීඩියෝ නිර්මාණය සංකල්පීයව ප්‍රශ්ණ කරන්නේ ද අපට අධිපති මතවාදය විසින් පුරුදු කර දී ඇති, අපද මමත්කාරයෙන් හිස සලා නැවත නැවත සරල රේඛාවක් මත තබා අගයන “ප්‍රෞඩ” වූ “අතීත උරුමය” යි. ඒ අතරම “ලංකාව” කියන සංකල්පය — එවැනි ලංකාවක් අපට පුරුදු කර ඇති ඒ ආකාරයට තිබේද, තිබුනේද යන්න — පිලිබදව නැවත හැරී ආමන්ත්‍රණය කිරීමටද ඉහත නිර්මාණය අපට ඇරයුමක් කරයි.

ලංකාව යනු කුමක්දැයි නැවත හැරී ප්‍රති-ආවර්ජනය කරන්නට වීඩියෝව අනුබල දෙන්නේ කෙසේද? සමස්ත වීඩියෝවම දේශපාලන හා සංස්කෘතික සංඥා මත ක්‍රියාකරයි. පූර්ව-විජය සමයේ සිට වීඩියා්ව අවසානයේදී එන පශ්චාත්-මුල්ලිවෛක්කාල් මුස්ලිම්-සිංහල ගැටුමින් නිරූපණය වන වර්තමානය දක්වාම විවිධ පහසු සංකේත යොදා ගනිමින් එක් එක් අධිපතියා “මේ රට මගෙ රට” සමරන ආකාරය එකම ක්‍රියාදාමයක දිගුවක් ලෙස යෝජනා කෙරේ. බණ්ඩාරනායක, විජය කුමාරණතුංග, විජේවීර ද ඇතුළු පසු-නිදහස් සමයේ දේශපාලන චිත්‍රණයන් ද ඇතුලත්ව ඉදිරියට දිවෙන මෙහි දකුණේ සිංහල ප්‍රේක්ෂකයාට වඩාත් රුචි නොවන (දිරවන්නේ නැති) ඇතුල්කිරීමක් ද ඇත්තේය. ඒ, එක් තීරණාත්මක අවස්ථාවකදී වේළුපිල්ලේ ප්‍රභාකරන් කරලියට පිවිසීමයි. ප්‍රභාකරන් පිවිසීම මට අනුව මෙම වීඩියෝවේ හැරවුම් ලක්ෂ්‍යය වන අතර එය ප්‍රේක්ෂකාගාරයේ පැහැය සොයාගැනීමේ ලිට්මස් පරීක්ෂාවද වේ. ඇතැම් විට ප්‍රභාකරන් රහිතව මෙම වීඩියෝව නිර්මාණය කරා නම් එයට ප්‍රතිචාර දක්වන්නා තුල සමස්ත නිර්මාණය පිලිබඳව වඩා උපේක්ෂා සහගත අදහසක් ඇතිවීමට ඉඩ තිබුණාද කියාද සිතේ.

ප්‍රභාකරන්ගේ කරලිගත වීම ඉතා අභිමානවත් තගෙකුගේ ලීලාවන් ඔස්සේ සිදුවන්නකි. ඔහු වෙඩි තබන්නේ දකුණේ ටයර් සෑ ඇතිකල හා උතුර කැලඹූ දේශපාලනයකට ය. 1983-2009 අතර අවස්ථා හතරකදී ඔහු සමග සාමය කතා කරන්නට කැමති වුවත්, 2009න් පසුව දකුණට ප්‍රභාකරන් හා එල්.ටී.ටී.ඊය මතක තබාගැනීමට කැමැත්ත ඇත්තේ නින්දිත ලෙස ඝාතනය කර මරා වලලා දැමූ ම්ලේච්ඡ ප්‍රවාහයක් වශයෙනි. නමුත් මෙම නිර්මාණය තුලින් දෙමළ සන්නද්ධ අරගලය ද දූපත වෙළා ඉතිහාසය පුරාවට පැවති ආක්‍රමණ දාමයක්ම හා සමපාත කරවනවා පමණක් නොව එය ස්ථානගත කරගැනීමට අධිපති මතයෙන් ඔබ්බට යන වෙනස් රේඛාවක් ද යෝජනා කරදෙයි.

“මේ රට මගෙ රට ගීතය” ඉතාම ලයාන්විත, සංයමයක් ඇති ගීතයකි. එය අවිවාදයෙන්ම (සිංහල මහා) ජාතික හැඟීමක් වර්ධනය කරන්නට, පොඩි ලමයින්ට පහසුවෙන් උගන්වන්නට හැකි වන ලෙස ලියවූවකි. (පෞද්ගලිකව මා එය එසේම යැයි නොසිතුවත්) එය සිංහල මහා කතිකාවේ සුරදූතයෙකු ලෙස නම් කිරීමටද අවශ්‍ය කෙනෙකුට ඇති තරම් ඉඩ ප්‍රස්තාවද ඉතිරි කරයි. මෙම ගීතයටම තැනූ තවත් වීඩියෝවක මා දකින්නේ වැව්, දාගැබ්, පන්සල්, කෙත්වතු, සහල් ගබඩාගාර හා සිනහා පිරි මුවින් කැමරාව දෙස බලා සිටින කුඩා ළමුන් පිරිසක් විය හැක. නමුත් මේ නව නිර්මාණයෙන් උළුප්පා දක්වන්නේ අපගේ ඒ ජාතිමාමක උත්තමවාදී වියමන යටින් දිවෙන වඩා අප්‍රසන්න හා යථාර්ථයෙන් පීඩනයට පත්කර ඇති කියවුමකට ඇතුල්වීමට හැකි දොරටුවයි.

ff8626581aebf9ff1cdba3b7000c8c7a
Malini Bulathsinhala

මෙම නිර්මාණය මගේ සිත් ගැනීමට හේතු වූ වෙනත් කරුණු කීපයක් ද වේ. සමස්ත වීඩියෝවම රංග ශාලාවක් වැනි සකස් කල පරිසරයක් පසුබිම් කරගෙන රූපගත කර තිබීම මින් එකකි. රංග ශාලාව හා වේදිකාව දෙපස ද ඇත්තේ අස්-පස් නොකල, පිරියමට ලක් නොවූ අබලන් බෝඩ් ලෑලි, රොඩු, කුණු ආදියෙන් පිරුනු පරිසරයකි. මෙම නිර්මාණය පුරාවටම අප මේ බලන්නේ රංගනයක්ම යැයි වැනි මෙටතියෙට්‍රිකල් හැඟීමකින් අප වෙලෙන අතර සාමාන්‍ය ඉතිහාස කතා රූපයට නැගීමේදී පෙන්වන උජාරුවක් මෙහි දක්නට නැත. බොරු උජාරුවෙන් විතැන්ව රංගනයක්ම වන ඉතිහාස කතා රංගනයන්ම ලෙස නැවත කියවන්නැයි වැනි අදහසක්ද මෙම නිර්මාණය ඇසුරින් හැඟවෙන්නේ යැයි සිතිමි. ඒ අතරම ඒ ඉතිහාස කතා හා අප අවට තිබෙන කුණු ගොඩවල් අතරද සාකච්ඡාවක් පවත්වා ගැනීමට කෘතිය ආරාධනා කරයි.

ලයාන්විත ගායනය හා මෙලඩිය සිංහල-මුස්ලිම් ගැටුමත් සමග බජාර් එකේ සංගීතයකට විපරිනාමය වේ. මේ අප අද සිටිනා දේශපාලන ඉසව්ව පිලිබඳව සංඥාවකි. අද ලංකාවේ දේශපාලනය, සාක්ෂරතාවය, භාෂාව හා සංස්කෘතිය මෙහෙයවන්නේ පහල මධ්‍යම පන්තියයි. ඒ බස් එකේ, ත්‍රීවීල් පාර්ක් එකේ, කඩ පිලේ, බජාර් එකේ භාෂාව අප දේශපාලනයේ ද භාෂාව හා අනන්‍ය වූ තත්වයක් තුලයි. යූ-ටියුබ් හා වෙබ් සයිට් කොමෙන්ට් තීරු වල, ෆේ්ස්බුක් පේජ් පෝස්ට් වල, ෆේස්බුක් මීම් වලින් මතුවන “හාස්‍යයේ” මෙන්ම අධි-දක්ෂිණාංශ සිංහල බෞද්ධ යැයි කියාගත් ජාතිමාමක මුරදේවතාවුන්ගේ උණ්ඩුකපුච්ඡවල කැකෑරෙන භාෂාවද භාෂා අවේගය හා රිද්මයද එයමයි. නිර්මාණකරුවා තම වාදනයේ වන විශේෂ වෙනස් වීමත් සමග අපව ගෙනත් කතර කරන්නේද එම වර්තමානයේයි. ලයාන්විත “මේ රට මගෙ රට” අප ජීවත්වන මෙම මොහොතට අනන්‍ය නොවන බවද, මෙලඩිය යාවත්කාලීන විය යුතු බවටද යෝජනාවක් මෙසේ අවසන් වශයෙන් ඉදිරිපත් කෙරේ.

මහේෂ්වරන් සහ සිංහල පිරිමියාගේ කැමැත්ත.

විමල් කැටිපෙආරච්චි ඉදිරිපත් කරන “ඕවර් ද ෂෝල්ඩර්” වැඩසටහනේ මෑත අංකයකට බූඩි කීර්තිසේන සහභාගී කරගෙන තිබුණි. එහිදී, මීට වසර ගණනකට කලින් තමාට බූඩි කී දෙයක් කැටිපෙආරච්චි ඔහුට ආවර්ජනය කරදෙයි: “ලංකාවෙයි බටහිරයි ප්‍රධාන වෙනස, බටහිර කෙලින්ම එන්නේ ප්‍රශ්ණයට, ඒත් ලංකාවෙ කෙලින්ම එන්නේ හැඟීම් වලට”. බාල සංස්කෘතික ශික්ෂණයක් ඇති, අඩු දේශපාලන සාක්ෂරතාවයක් ඇති ලංකාවේ – විශේෂයෙන්ම අප අත්දකින පසු-යුධ සමයේ – ජාතිවාදී ප්‍රවණතා තීව්‍ර වන, දකුණේ සිංහල-බෞද්ධ ලේබලය ගසාගත් රණකාමී ස්වෝත්තමවාදය ඔඩුදුවන තත්වයක් තුල මේ තත්වය වඩා ප්‍රබල සමාජ භූමිකාවකට ඉඩකඩ සපයයි.

විජයකලා මහේෂ්වරන්ගේ කතාවට දින 6ක් සපිරෙන අද (මෙම සටහන ලියවෙන) දින යම් ෆේස්බුක් පේජ් කරුවෙක් / කණ්ඩායමක් බුද්ධියට ආමන්ත්‍රණය කරන ඉතා වෙනස් ගණයේ කාටුනයක් නිර්මාණය කර තිබුණි. ඒ මහේෂ්වරන් මහත්මිය සහ මෛත්‍රීපාල සිරිසේන මහතා යැයි හැඟෙන කාටූන් රූප දෙකක් ලිංගිකව හැසිරෙන ආකාරය දනවන එකකි. මෙයද, මෙම පේජ් හදන අයද ඇතුළු බහුතරයක් දකුණේ මධ්‍යම පන්තිය ලිංගිකව හැසිරෙන කීප අවස්ථාවෙන් වැඩි අවස්ථාවක කරන්නට උත්සාහ කරන මෙන් මිෂනාරි සංවාසයක් නොවන අතර, ප්‍රධාන ධාරාවේ නිර්වචනයෙන් යම් අසම්මත ඉරියවුවක් හැඟවෙන චිත්‍රණයකි. එහිදී සිරිසේන හඟවන්නා මහේෂ්වරන්ගේ පසුපස පෙදෙසට යමකින් පහරදෙන බව නිරූපණය වන අතර නිරූපිත මහේෂ්වරන් පවසන්නේ ඇයට වඩ වඩාත් පහර දෙන ලෙසය. කාටූනය සමග ඉදිරිපත් කර ඇති වාක්‍යයක දැක්වෙන්නේ එල්.ටී.ටී.ඊය නැවත ඉල්ලන්නේ නම් විජයකලා මහේෂ්වරන් ස්වපීඩක කාමුක තත්වයකින් පෙලෙන්නියක් විය යුතු බවයි.

අප හැඟීම් වලට වහල් නොවී තත්වය වඩා පුළුල් රාමුවකින් අධ්‍යයනය කරන්නේ නම් අද උතුරේ පවතින තත්වය ඉතාම ඛේදනීය බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. එය විවිධ අවකාශයන්හිදී එයට සංවේදී අය අතර සීමාමායිම් වලින් ඔබ්බට ගිය සංවාදයකි. නමුත් උතුරේ ප්‍රශ්ණයක් ඇත යන්න දකුණේදී සීමාසහිත කතිකාවක් ද බව බොහෝ දෙනා එකඟ වනු ඇත. එය සම්මුතියක් ලෙස සමාජයෙන් ඉදිරිපත් වී ඇති කතිකාවකට වඩා තම දේශපාලන භාවිතය ඔස්සේ ප්‍රධාන ධාරාවට අනන්‍ය නොවන්නන් අතරින් ගැම්මක් ලබන කතිකාවක් ලෙස දකුණේ දී පවතිනු බොහෝ අවස්ථා වල පෙනෙන්නට ඇත. මහා ජාතියේ පශ්චාත්-යුධ උද්යෝගයත්, සිංහල ආගමික-ව්‍යවසායික-මිලිටරි-මාධ්‍ය බලවේගවල එකතුවත් සමග උතුර හා අනන්‍යවන, එය බලාත්මක කිරීමේ හෝ එය ආරක්ෂාකරගැනීමේ මාවතකට ඇති ඉඩ ක්‍රමයෙන් අවම වෙමින් පවතී. මීට සමගාමීව උතුරේ ක්‍රමයෙන් රෝපණය වන අපරාධ රැල්ලකුත්, එයට දේශපාලන හා ඒ හස්තයන්ගේ රැකවරණයකුත් ඇතැයි සමාජගත වී ඇති අදහසත් 2009ට පෙර පැවැති තත්වයත් අද එම සමාජයේ පවතින තත්වයත් සංසන්ධනය කිරීමට නිමිත්තක් වී ඇත. මෙයින් ගන්නට පණිවිඩයක් ඇත්නම් ඒ අපගේ අසමර්ථභාවය පිලිබඳ පණිවිඩයක් පමණි. 2009ට පෙර උතුරේ කුමන නායකයා සිටියත් එහි පැවති තත්වය ගැන වාර්තාවක් දිය හැක්කේ උතුරේ සිටියවුන්ටම පමණි. මත්ද්‍රව්‍ය නොරිස්සූ, ස්ත්‍රී දූෂණ, සාපරාධී ක්‍රියා අවම පරිසරයක් එදා උතුරේ තිබුණා නම් ඒ පිලිබඳව දකුණ කලබල විය යුතු නැත. ප්‍රභාකරන් උතුරේ ජනතාව වෙනුවෙන් ක්‍රියාකල නායකයෙකියි කීමෙන් දකුණේ අය කිපෙන්නට අවශ්‍යද නැත. එය සත්‍යයක් වීම ඊට හේතුවයි.

image_1530731786-3e8189ba1b
මහේෂ්වරන් හිටපු ඇමතිතුමිය

දකුණේ සිංහල නායකයින් පවා පිලිගත් ප්‍රභාකරන් උතුරේ ජනතාව වෙනුවෙන් පෙනීසිටි නායකයෙක්ය යන්න මහේෂ්වරන් මහත්මිය එසේ පවසද්දී ඇය ස්වපීඩක කාමුකත්වයක් ඇත්තියකයි හැඟෙන්නේ කෙසේද? අප ප්‍රභාකරන් චරිතය හඳුනන්නේ යුධ සොල්දාදුවෙක් ලෙසිනි. නැතිනම්, සීමිත සම්පත් ප්‍රමාණයකින්, උපරිම පිරිස් කලමණාකරණයකින් වසර 20 ගණනක් රටේ නිත්‍ය හමුදාවට විරුද්ධව සටන් කල මිනිසෙකු වශයෙනි. 1970 දශකයේ අග සන්නද්ධ දෙමළ ව්‍යාපාරය විසින් ඉදිරි නායකත්ව භූමිකාවලට යොමුකෙරුනු තරුණ තරුණියන් බොහෝමයක් අතුරින් වේළුපිල්ලේ ප්‍රභාකරන් එක් අයෙකු පමණි. නමුත් අසාර්ථකව නිමවූ සාමසාකච්ඡා වට හතරකදී ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් බලයට පත්වූ ලංකා රාජ්‍යයේ පාර්ලිමේන්තුව මෙන්ම ඒ ඒ යුගවග සිටි ආණ්ඩු පක්ෂ තම සාකච්ඡා සඳහා තොරාගත් ප්‍රතිපාක්ෂිකයා ද මෙම වේළුපිල්ලේ ප්‍රභාකරන් ය. මෙවැනි අවස්ථා සඳහා ලංකා රජය ඉදිරිපත් වන්නේ ප්‍රභාකරන් හා එල්.ටී.ටී.ඊ විරෝධී බලවේගවල නොසතුටද මැද්දේය. මන්ද යත්, වසර විස්සකට ආසන්න කාලයක් උතුරු නැගෙනහිර පලාත්වල තත්වාකාර රාජ්‍යයක් එල්.ටී.ටී.ඊයේ මූලිකත්වයෙන් ගෙන ගිය අතර එහි මූලික චරිතය වූයේ මෙම ප්‍රභාකරන් නිසා ය. 2009 දී යුධමය වශයෙන් අවසන් කෙරුනේ ඒ තත්වාකාර රාජ්‍යයයි.

අද විජයකලා මහේෂ්වරන් මහත්මිය සිරගත කරන්නට වොයිස් කට් දෙන්නන් මෙන්ම ඇයට ෆේස්බුක් කාටූන් අඳින්නන් සියලු දෙනා එසේ හැඟීම් වලින් උද්දීපනය වූවන් ය. 1971 දී රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ හරහා මෙහෙය වුනු බලවේග රාජ්‍ය විරෝධී නැගිටීමකට නායකත්වය සැපයීය. කැරැල්ල මර්ධනය කල අතර අඩුපාඩු හා විවේචන ඇතත්, යම් පිලිගත හැකි ක්‍රමවේදයකට නීති මගින් නඩු අසා යුක්ති ක්‍රියාදාමයකට යොමුවිනි. 71 ජවිපෙ ගැන අපට සාකච්ඡාවක්, විවේචනයක් කල හැක. නමුත්, අධිකරණ ක්‍රියාවලියකට එහා ගොස් භීෂණය ඔඩුදුවා මිනීමැරුවේ නම් එය පිලිගත නොහැක. කැරැල්ලේ කොයි පිලට අයත් වුවත් ඔවුන් එසේ කලේ නම් එය වැරදිය. 77 දී බලයට එන ජේ.ආර් ජයවර්ධන එසේ සිරදඬුවම් විඳින සියලු නායකයින් නිදහස් කලේය. ඔහුගේ නිලයේ බලතල ඒ සදහා භාවිත කලේය. ඒ ගැනද අපට සාකච්ඡාවක්, විවේචනයක් හෝ විචාරයක් කල හැක. 71 කැරැල්ලේ බොහෝ නායකයින් එදාත් අදත් අතර විවිධ දිශාවලට ගොස් විවිධාකාරයෙන් සමාජයට දායකත්වය සපයා ඇත. ලයනල් බෝපගේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වූවේය. නිමලසිරි ජයසිංහ දේශපාලනයට පිවිසියේය. සුනන්ද දේශප්‍රිය හා වික්ටර් අයිවන් වැන්නන් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල භූමිකා දැරීය. විජේවීර ඇතුළු ඇතැම් අනෙක් අය පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසියහ. ඒ ගැනද අැත්තේ සාකච්ඡාවක් හා විවේචනයකි. 83 දී පක්ෂය තහනම් කිරීමත්, ජවිපෙ යටිබිම්ගත වී 87 දී ඇතිවන තත්වයන් හරහා නැවත සන්නද්ධව ක්‍රියාත්මක වීමත්, ඉන් පසු ඇතිවන භීෂණයත්, රාජ්‍ය ත්‍රස්තවාදයත් ආදී මේ සියල්ල ගැනද සංවාද කල හැක. එහෙත් ඒ කිසි විටෙක හානි අවම වන පටිපාටියකින් ඔබ්බට ගොස් අරාජිකත්වයට යන බිහිසුනු ත්‍රස්තවාදයක් අනුමත නොකල හැකි අතරම, එවැනි තත්වයන්ට විසඳුම මිනීමැරීම ලෙසද පිලිගත නොහැකිය.

maxresdefault
ආතල් වලින් එහා ඇති සහ ඉන්  ඔබ්බට යන භාවිතයන් සඳහා ප්‍රවේශයක් අවශ්‍ය වී ඇත. 

ජේ.ආර්. ජයවර්ධන, ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ කුමන අණ යටතේ කුමනාකාරයේ භීෂණයකට අනුබල දුන්නත් ඔවුන් නායකයින් ලෙස කර ඇති දේශපාලන කාර්යයන් නිශේධනය නොවන්නා සේම රාජ්‍යය හා පැවති ගැටුමක් නිසා රාජ්‍යයට එදිරිවූ පමණින්, රාජ්‍ය භීෂණයට විරුද්ධ වූ හේතුව මත පිහිටාම විජේවීර හෝ ප්‍රභාකරන් නායකයින් නොවන්නේ ද නැත. ඔවුන් අතින් වැරදි සිදුවී ඇත්නම් හා නීතිය පැහැරී ඇත්නම් එය පිලිගත යුතු නමුත් රාජ්‍යය හා අනන්‍ය වන පදනම මත පිහිටා අයෙකුගේ වලංගුභාවය මනින කෝණයෙන් සමාජයක් ගොඩනැගිය හැකි නොවේ. 89 දී මරා දමන්නට වසරකට පෙර 1988 දී ද ජවිපෙ සමග සාකච්ඡා වලට ලංකා ආණ්ඩුව නැවත නැවත උත්සාහ දැරීය. 2009 දී මරා දැමුණු ප්‍රභාකරන් ඇතුළු නායකයින් ද 2006 වන තෙක්ම එකම වටමේසවල නොඑනා සාමයක් ගැන එජාප හා පොදුජන එක්සත් පෙරමුණු ඇමතිවරු සමඟ සාකච්ඡා කලහ. ගුවන් හමුදා ප්‍රහාරයකින් මිය ගිය එල්.ටී.ටී.ඊ දේශපාලන අංශ නායක තමිල්චෙල්වන්ගේ අවසන් ප්‍රසිද්ධ ඡායාරූපයේ ඔහු ඉන්නේ සාකච්ඡා මණ්ඩපයක රජයේ ඇමති කෙනෙකුගේ අතක් අල්ලාගෙනය. ප්‍රභාකරන්ගේ දේශපාලන භූමිකාව යුද්ධයෙන් එපිටට විහිදෙන්නකි. එය අගය කරන්නන් සිටින්නේ නම් ඔවුන් හා උරණ වීම අපගේ නොමේරූකමක් වන අතර එය 87-90 රාජ්‍ය භීෂණ සමයේ හමුදා අතින් 40000කට නොඅඩු පිරිසක් දකුණේ ඝාතනය වූ නිසාම ප්‍රේමදාස මැතිතුමා ඇතිකිරීමට වෑයම් කල ආර්ථික වැඩසටහන සැලකිල්ලට නොගතයුතුයි වැනි තර්කයකි.

norway-peace-talks
එස්.පී තමිල් සෙල්වන් සහ නිමල් සිරිපාල: එල්.ටී.ටී.ඊයේ නායකත්වය දකුණ පිලිගත් තවත් එක් සාම ක්‍රියාවලියක් අතරතුර

විජයකලා මහේෂ්වරන්ගේ කාටුනයට නැවත එන්නේ නම්, දකුණේ ගැහැණු 90% කට අනුව සිංහල සමාජයේ පිරිමියා දැඩි කායික-ලිංගික ආතතියකින් පෙලේ. තම ලුණු රහිත අතෘප්තිකර ඒකාකාරී කායික-ලිංගික මාස් චක්‍රයේ කායික අඩුලුහුඩුකම් අද වඩාත් හැකි අයුරින් ඉටුවන්නේ සයිබර් වේදිකා හරහා ය. එය ඇත්තටම යුගයේ ජයග්‍රහණයකි. ඉන්බොක්ස් වෙත බලෙන් යැවෙන පින්තූර, පණිවිඩවල සිට ප්‍රසිද්ධ පෝස්ට් වලට දමන අමු කුණුහරුප කමෙන්ට් දක්වා යම් පරාසයක මේවා විහිදී යයි. විජයකලා මහේෂ්වරන් ගැහැණියකි. ඇය සිවාජිලිංගම් හෝ සී.වී විග්නේෂ්වරන් මෙන් පිරිමියෙකු නොවේ. සිවාජිලිංගම් හා විග්නේෂ්වරන්ටද දකුණේ සිංහලයා අකමැතිය. නමුත් ඔවුන්හට විකල්ප ලිංගික අදහස් ඈඳමින් කාටූන් අඳින්නේ නැත. මහේෂ්වරන් පිරිමියෙකු වූවා නම් ඇයටද කාටූනයක් නෑඳෙනු ඇත. විජයකලා මහේෂ්වරන් සමඟ ලිංගිකව එක්වීමට ඇත්නම්, යන්න මෙම වෛරී මනස තදින් පෙලයි. ඇගේ ප්‍රකාශයෙන් සංඥා වන “අපේ ඇල්ෆා භාවයට” ඇය විරුද්ධ බව හා ඉන් විතැන් බව වඩාත් උද්දීපනය වන තැන ඇය ලිංගික සංඥාවක් ලෙස වඩාත් ආකර්ෂණීය වේ. ඉන් තමා ලබන වින්දනය සමාජයට කාටූනය තුලින් ප්‍රක්ෂේපණය කෙරෙන්නේ විජයකලා ඉන් වින්දනයක් ලබන ලෙසයි. මෙහි අනෙක් වැදගත් කරුණ වන්නේ විජයකලා හා මේ දිනවල ඈඳා ඇති අනෙක් නම දකුණේ ඇතැම් කතිකාවන්වලදී පතෝලයෙක් යැයි වර නගා ඇති ජනාධිපති සිරිසේනගේ නම වීමයි. උතුරේදී මහේෂ්වරන් මහත්මිය කල කතාව හරහා දැඩිව විවේචනය කරන්නේ ද මෙම ජනාධිපතිවයි. නමුත් තමා කතෘත්වය දරණ ෆැන්ටසිය තුල මෙම කාර්මිකයන් දෙදෙනා රමණයේ යෙදවීමම කල යුතුමය. සතුට හා ආශාව යනු එයයි. හැඟීම්භරිත භාවිතයේ එක් අන්තයකදී එසේ සිදුවෙයි.

මෙම ලිංගික හා දේශපාලන දයලික්තකය අතර අප දෝලනය වෙමින් යන අතර දෙරණ රූපවාහිනිය තම ඊලග පුවතද මවා අවසන් ය.

Paul M.M. Cooper’s “The River of Ink”: Poetry and the Fall of Polonnaruwa.

In spite of its somewhat anti-climactic end, Paul M.M. Cooper’s River of Ink (Bloomsbury Circus, 2016) is an engaging and intriguing read set against the historical Polonnaruwa Kingdom in Lanka during its last turbulent phases. The book is set in 1215, and sets as its framework the invasion and rule of Kalinga Magha in Pulatinagara – the main city of the Polonnaruwa kingdom – before being driven back to the north, where Magha is believed to set up the Aryachakravarti dynasty and Jaffna kingdom. The story unfolds as a retrospective account of the court poet Asanka who – on the first day of his rule itself – is commissioned by Magha the translation into Tamil of the Shishupala Vadh by his namesake, the great Indian classical poet Magha. In Kalinga Magha’s own assessment, this translation was aimed at culturing the natives of the land whom he sees as unrefined and untutored in ‘dharma’ (referred to as ‘duty’ in Cooper’s text). Magha believes that the Shishupala Vadh, disseminated among the common, will bring about a new social and moral awakening; and along with it, a new age.

headshot4-thin
Paul M.M. Cooper

Asanka is an unwilling conscript to this royal task and between fear for his own life and contempt of his cowardice and lack of assertiveness he toils away at his work desk. In well written intervening sections, Cooper shares with us Asanka missing out on a half chance in saving the life of his former king Parakrama Pandyan, of his confused efforts at being a go between between Magha and the former queen Dayani – whom Magha resorts to wed – and his own failures as a family man sharing a hostile domestic with his wife, Madhusha. Parakrama Pandyan lying helplessly in the center of the royal chamber an inch within his death, the victorious Magha gives Asanka the chance to ask for a royal favour. Asanka asks the invading victor to spare the life of his mistress Sarasai, a serving girl in the court. With the snap of a finger Parakrama Pandyan’s head had been hacked away by a falling sword.

Cooper’s development of a plot from ‘another time’ is further enriched by gripping twists and turns which do not fail to capture the complex social picture of a historical period known for turbulence and instability. The twenty five years that precede Kalinga Magha’s arrival in Polonnaruwa is recorded in mainstream history as a phase of extreme instability with a very high number of depositions, rebellions and conspiracies. Queen Leelawathi – said to have reigned thrice in short spells between 1196 and 1212 – is deposed by the Pandyan king Parakrama in 1212 whom Magha defeats through invasion. Leelawathi was earlier the queen of King Parakramabahu I who is killed by a usurper, Mahinda (a Kalinga), who in turn is deposed in five days by Nissanka Malla who assumes the throne. The uneasy power frictions among Chola, Pandya and Rajarata (in Lanka) kingdoms is documented and apparent even in mainstream historical documents and Cooper’s text is receptive of this aspect.

9781408862230For instance, Magha claims that he invades Lanka as a way of seeking what is rightfully his estate. This can be established by historical links and relations between those such as Nissanka Malla and the Kalinga dynasty. Parakrama Pandyan being of Pandya origins and the tensions between the Kalingas and Pandyans in the Indian mainland should also be given due consideration in reading Magha’s efforts in invading Polonnaruwa. Cooper’s reception of the complex pre-national demographic and social map of Lanka – the political and racial rivalries of a pre-Sri Lankan space – is refreshing in offering the reader a forum to reimagine and reconfigure the binaries and gulfs they have come to inherit in the present time through defamiliarization.

In the Polonnaruwa Cooper presents the reader, Tamil is the language of the court and the preferred language into which Magha wants the Shishupala Vadh translated. It is a dominant language understood and spoken by both the court and the commoner, and a complementary language for the Sinhalese community, as well. The linguistic other, in this scenario, is the ‘invader from the mainland’ and mercenaries with ‘mainland dialects’. The sense of ‘nationality’ is, at its best, fluid; at its very least, negligible. Asanka’s mistress Sarasi, we go onto learn, is in fact Saraswathi – a Tamil-speaking girl who had been born in the ‘mainland’ to two poverty-stricken entertainers who performed with puppets. Her childhood is obscure and forgotten and the language she was born to was most possibly not Tamil either. She would have grown up with Tamil among Tamil-speaking servants and fallen in love with the Sinhala poet from whom she is taken away to be married to the Kalinga king. This is one convenient example to highlight the complex racial and demographic picture from which Cooper draws.

The work of Asanka is interfered by piles of crudely written, amateurish verses relating to the Shishupala myth which keeps appearing on his doorstep. These mysterious scrawls present an intriguing ‘mysterious sub-plot’ to the text, as Asanka’s writing and imagination is tampered with and dictated to by these, what he calls ‘demons’. Soon, Asanka begins to tamper the original text itself – at first with caution and measured mischief, but later with more daring – as the commissioned project for the most accurate translation turns into a script of subversion and resistance. Soon, the work that was meant to refine and pacify the natives becomes an undermining instrument which provokes public sentiment against the Kalinga king. Magha’s most notable feature is given as his thick and bushy eyebrows. Asanka, in describing Shishupal’s eyebrows, makes them bushy and thick. Soon, the installments of the translated work which reaches the common quarters brims with the energy of a radical subtext: the violence of Shishupal being coded as the despotic excesses of Magha. When three of Magha’s soldiers are ambushed and killed at the first outbreak of resistant backlash, the killers had drawn on the eyebrows of the dead soldiers making them thick and lush.

300px-Satmahal_Prasada
The Sath-mahal Prasadha: leftovers of ancient Polonnaruwa

(What on appearance I believe is) Cooper’s own mischief as a writer is well infused into the text which, on the whole, is clever in ways that reach beyond the scope of this essay. From usage of simile to the lyrical quality of the text in places (two attributes which Magha tells us were the hallmarks of his namesake) River of Ink has other resonances with classical motifs. The king who (alike Oedipus) sets in motion a series of events that backfires and causes his downfall, is also one who feels he has to ‘prove’ himself to his father: a ‘father figure’ that he is overwhelmed and overshadowed by. Mystified by tales of ancestors and men of other ‘kaalas’ who were giants and engaged in deeds of great heroism – such as Rama who slays Ravana to redeem his queen, Sita – Magha as well as Asanka live through moments that bring them ever so close to those classical passages. Asanka – in a decisive moment – cannot deal a murderous blow on Magha who wanted to have Sarasi as his queen; and in that altered reenactment of the Rama-Ravana myth he loses his position and his lover. In the same vein it is perhaps more than coincidence that Shishupal is considered to be a rebirth of Ravana – the story of whose slaying is (in Magha’s eye) meant to civilize / pacify Lanka; whose death (owing to Asanka’s ‘subversive project’) becomes an act of resistance in redeeming people’s faith.

Much later, Asanka finds out that the ‘lesser’ poems left for his reference at his doorstep have been by Sarasi herself: a reenactment of the Shishupal myth she may have internalized as a child in the company of her puppet entertainment fraternity. By then, she had been removed from a now-ravaged Polonnaruwa by Magha who had retreated north in the face of Vijayabahu III’s army. Almost in expectation of Asanka, Sarasi (as queen) maintains her old servants’ quarter room in that very form in which she and Asanka had known it: in popular belief, as a reminder of her humble origins. Upon return, in this room Asanka finds the pot of the unique ‘mainland ink’ said to have been used in the mysterious compositions.

Cooper’s is also a narrative that brings to the fore the strength of the female and the resilience of womanhood; while, often questioning the construct of manliness and male superiority. Queen Dayani and Sarasi are both seen to direct and steer action, while being rich with the acumen to plan and to execute. The noble bearing of Queen Leelawathi is referred to in a section with much awe. When Dayani attempts to stab Magha in bed and is caught in the act, Asanka marvels at that hidden energy of the queen which he had not suspected. On the contrary, with virtues such as ‘duty’ and ‘perfection’ Magha and the court (including Asanka) embody a male-logic and way of life that both self-destructive and violent. They often fail to apply to grey areas that defy categorization. This is best seen in the case of Asanka who, being a ‘weak’ man and a poet, has to make an effort to subscribe to heroic notions to get by. Sarasi schemes the daring plan for her to escape the city with Asanka, and is detrimentally delayed by Asanka’s need to complete the poem (his ‘duty’) prior to fleeing.

Some of the person names Cooper infuses into the text – such as, among others, Madhusha, Pushpakumara, Janani and Janaka – are quite contemporary to the ear, even though these names may have existed in a more classical, Sanskritized form in a proto-modern Sinhala universe. However, as classical artists — including Sri Magha in writing Shishupala Vadh and Asanka, its supposed translator in River of Ink – are often known to infuse to the text a streak of mischief and a brushstroke of one’s own whether these choice of names have a extra-textual significance is left to one’s own speculation. But, if one is to come across a Madhusha or a Pushpakumara minding their own in the modern day township of Polonnaruwa — being a disgruntled housewife or a specialist in ink; or not — one shouldn’t hasty to reform one’s belief and faith, taking up the cyclical rebirths substantiated by the legends and the Vadha, as they come to shape the destinies of the persona’s of the River of Ink.

අජිත් තිලකසේන හා ධර්මසේන පතිරාජ මුනගැසීම.

ධර්මසේන පතිරාජ මා මුලින් හඳුනාගන්නේ 7 හෝ 8 වසරේදී කියවන්නට ලැබුනු මගේ මාමාගේ පොතක් හරහා ය. පතිරාජ සමගම හඳුනගන්නට ලැබෙන තවත් නමක් වන්නේ අජිත් තිලකසේනගේ නම වන අතර තිලකසේනත්, එතුමා ප්‍රගුණ කල සමරූපී අක්ෂර කලාවත් ගැන 8 වසරේ සිංහල සමිතියේ කතා කලා අද මෙන් මතකය. සිංහල සමිතියේ අනුශාසක වූ සීලවතී කුමාරිහාමි මැඩම් වචනයේ ඉහලම අර්ථයෙන් මවු ගුණයන් පිහිටි කෙනෙක් වූ නිසාම, තිලකසේන ගැන කතාව නිමවා පන්තියේ අසුන් ගන්නටත්, තවදුරටත් පන්තියේ රැඳී සිටීමටත් අවස්ථාව ලදිමි.

පතිරාජ මිය ගිය පුවත මම දැනගත්තේ මිතුරන් කණ්ඩායමක් සමග ගාල්ලේ සිට නුවර බලා පැමිණෙමින් සිටි අතරතුර ය. අඹේපුස්සේ දී තේ බොන්න කියා අප පැමිණිමෙන් සිටි වාහනය නැවැත්වූ අතර ඒ තේ බිවු කඩයේ සන්නස්ගල මෙන්ම නිර්මාල් රංජිත් දේවසිරි ද සිටියේ, අවමගුල් කටයුතු සඳහා යමින් හෝ එසේ ගොස් එමින් සිටි අතරවාරයේ විය යුතුය. නිතරම ෆේස්බුක් හි තම අත්දැකීම් බෙදාගන්නා මගේ පාසල් සගයෙකු වූ චමින්ද මුරමුදලි පතිරාජගේ අවසන් කටයුතු සිදුවන මල් ශාලාව වෙත ගොස් තිබූ අතර ඡායාරූප කීපයක් ද බෙදා ගෙන තිබුණි. මා ඇත්තටම පතිරාජ අවසන් කටයුතු ගැන යම් දෘෂ්‍ය සටහනක් ලෙස නැරඹුවේ මුරමුදලිගේ ඡායාරූප හා වීඩියෝ ක්ලිප් එකකි (මට මතක හැටියට වීඩියෝ ක්ලිප් එකත් ඔහුගේ එකතුවකි). මම තිලකසේන ගැන කතා කල සමිතිය දවසේ මුරමුදලි සිටියේ අපට යාබද අල්ලපු පන්තියේ ය.

2071 Ajith Thilakasena
තිලකසේන

පතිරාජගේ සිනමාව ගැන මා මුලින්ම සමීප වන්නේ තිර පිටපත් හරහා ය. අන්තර්ජාලය නොතිබූ යුගයක උස් මහත් වූවන් ලෙස මහජන පුස්තකාලය හරහා පතිරාජගේ තිරපිටපත් හා ඒවා ගැන විචාර අඩංගු කුඩා පොත් බැහැර ගෙන ගොස් කියවනවා මතක ය. සාමාන්‍ය පෙල කර උසස් පෙල ට සමත් වූ කාලයේත්, ඒ අතරතුර කාලයේත් ඇමරිකානු නාට්‍ය දෙසට දැඩි නැඹුරුවක් තිබුණි. මහනුවර මහජන පුස්තකාලයේ බැහැර දෙන අංශයේ වෙළුම්ගත කල ඇමරිකානු නාට්‍ය හා සම්බන්ධ පන්සිය පනස් ජාතකය තරම් වන පොත් රාශියක් විය. මේවා බැහැරට ගෙන යනු දුටු පාඨකයින් වැඩිදෙනෙක් නොසිටි බැවින් මට රිසිසේ පොත් පරිශීලනය කිරීමේ අවස්ථාව උදා වී තිබුණි. නීල් සයිමන්, ටෙනසි විලියම්ස්, වුඩී ඇලන් ආදී රචකයන් මුල්වරට හමුවූයේ මේ යුගයේදීයි.

පතිරාජගේ ‘පාර දිගේ’ මා කියවූ මුල්ම පතිරාජ තිර පිටපත විය යුතුය. මෙම පිටපත අජිත් තිලකසේන ලියුවක් ලෙස මතකයේ තිබේ. පසු කාලයක යූ-ටියුබ් එකට ඇබ්බැහි වූවෙක් ලෙසත්, ඩීවීඩී-ගත කල චිත්‍රපට බහුල වූ නිසාත්, අතරින් පතර රූපවාහිනියේ විකාශය වූ නිසාත් ‘අහස් ගව්ව’ (මා නැරඹූ මුල්ම පතිරාජ චිත්‍රපටය), ‘බඹරු ඇවිත්’, ‘සොල්දාදු උන්නැහේ’ මෙන්ම කලින් කී ‘පාර දිගේ’ ද නැරඹීමට හැකි විය. එදා මෙදා තුර අතහැරුනු චිත්‍රපටය වූයේ ‘එයා දැන් ලොකු ලමයෙක්’ ය.

තිලකසේන මෙන්ම පතිරාජ ද මෙසේ අපගේ ජීවිතවලට අඩු වයසකදීම යම් බලපෑමක් එල්ල කල අපටත් කලාවේ දිශාව තීරණය වීමට ඉදිරිගාමී තල්ලුවක් දුන් මහා චරිත වේ. මොවුන්ගෙන් ඒ නොදන්න කාලයේ අප මහා බලපෑම් නොලැබුවත්, යනින් එන ගමන් අප හා වුනු හමුවීම් හරහා දැනෙන ආකාරයේ කම්පනයක් අපගේ අභ්‍යන්තරයේ වන්නට ඇතැයි මට සිතේ. සභ්‍ය සිංහලයෙන් කතා පවත්වන්නට ඉඳුරාම අසමත් මා පන්තියක් ඉදිරියේ තිලකසේන ගැන කතා කිරීමට පෙලඹීමම මීට සාක්ෂියකි.

Dharmasena-Pathiraja-768x447
පතිරාජ

තිලකසේන ගේ නිර්මාණ ආඛ්‍යානය සරල රේඛීය විකාශයක් හරහා හසුකර ගැනීමට නොහැකි ය. රේඛීය ව සිතන්නට පුරුදු වූ ලෝකයට කරන සවිඥානික ඇද කිරීමක් වැනි ඔහුගේ සාහිත්‍යකරණය ඒ ආඛ්‍යානයේ ම වන නීති රීති වලින් හඳුනාගෙන ආශ්‍රය කල යුත්තකි. මම තිලකසේනගේ පොත් කියවා තේරුම් ගෙන ඇත්තෙමි යැයි කියන්නා පවසන්නේ බොරුවකි. තිලකසේන කියවීමට උත්සාහ දරා යා හැකි දුරෙන් ඔබ්බට යන්නට බැරිවී, කෙටි කතා පසෙක ලා ඔහුගේ කවි පොතක් අතට ගත්ත ද ප්‍රශ්ණය නිමවන්නේ නැත, එය වෙනත් මානයකට යැවෙනවා පමණි. මෙම තිලකසේන ම 2010 දී පමණ ‘පස් වසරක්’ නැමැති පොතක් ප්‍රකාශය කල අවස්ථාවේ රේඛීය රාමුවකට නිරායාසයෙන් හසුවන්නට මෙන් ලියවී තිබුණු එම නර්-තිලකසේනමය කෙටි කතා කියවා යම් තෘප්තියක් ලද හැකි වුවත් ඔහුගේ පනස් වසරක නිර්මාණ දිවියේ ලියවුනු සමස්තයම කියවා අවසන් වන විට ඇති වන අසම්පූර්ණබවේ භාවය නැතිවීමේ මහා දෙගිඩියාවක් ද, වසර පනහක කතිකාවකින් පසුව තිලකසේන මා පාවාදුන්නා වැනි හැඟීමක් ද ඇති විය.

පතිරාජ මෙන් අපගේ නව යොවුන් වියේදී කලාව ගැන හැඟීම් පිබිදි එන යුගයේදී අප ඇසුරු කල හා එසේ කරන්නට ලැබූවන් බොහෝ දෙනා ඉදිරියේදී අපෙන් සමුගනු ඇත. මගේ පරිකල්පනයට එකල ආමන්ත්‍රණය කල එච්. ඒ පෙරේරා, දයා අල්විස් වැන්නන් මේ වන විටත් මියගොස් ය. ඒ ඇතැම් අය මිය ගියේ තම නිර්මාණ ප්‍රතිභාව ගැන සමාජයක් හෝ රාජ්‍යයක් ලෙස අපත් අප මෙහෙයවන සංස්ථාවෙනුත් ලැබිය යුතු කලගුණ සැලකීමක් වත් නොමැතිව ය. පතිරාජ නම් තමාගේ අවසන් කටයුතු තමා ම අධ්‍යක්ෂණය කරගෙන තිබිණි. ඒ ද අප සැමට අවසන් වරටත් ඉතාම නිරවුල් හා වැදගත් පාඩමක් ශේෂ කරමිනි.

සමාව ඇයදීමේ දිනය / National Sorry Day.

23722397_1586323174768767_1343258990340969125_n
සමාව අයැදීම දිනය නිමිත්තෙන් 2009 මැයි මසදී නිරාවරනිත ඵලකයක්.

එයට මා “සමාව ඇයදීමේ දිනය” යැයි කියන්නම්. ඔස්ට්‍රේලියානු ආදි වාසීන් හට යටත්විජිතකරණය හරහා සිදුවුනු අවමානය, හානිය සහ ඔවුන්ගේ මුල් භූමිය අහිමි වීම වැනි කරුණු සලකා එම “දේශයේ ආදිතමයන්” හා ඔවුන්ගෙන් පැවත එන ජන කොටස් වලින් “සමාව ඉල්ලීමේ” දිනයක් ලෙස මැයි 26 වනදා නම් කර ඇත. මෙය 1997 වසරේ කෙරුනු කමිටු වාර්තා නිර්දේශයකට අනුව 1998 වසරේ සිට සෑම වසරකදීම සැමරෙනු ලැබේ.
මෙහි මා එකතු කර ඇති පින්තූර වලින් දැක්වෙන්නේ යථෝක්ත “සමාව ඇයදීමේ” දිනයට සමගාමීව ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් 2009 වසරේ මැයි මස විවෘත කරනු ලැබ ඇති සමරු ඵලකයකි. ඒ හා සමරු කොඩිගස් දෙකක් වන අතර මෙහි ප්‍රධාන ආදි වාසී සමූහ දෙකෙහි ධජයන් නිතැතින් ඔසවා තැබේ.

මීට අතිරේකව විශ්ව විද්‍යාලය, ප්‍රාන්ත රාජ්‍ය සභා ඇතුළු රාජ්‍ය හා එසේ නොවන ආයතන

23722568_1586323278102090_7461058458080802932_n
පූර්ව-ඔස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ ධජයන් දිනපතා ඔසවා තබයි.

බොහෝ ඕනෑම රැස්වීමක් හෝ වැඩසටහනක් ආරම්භවීමට ප්‍රථමව “දේශයේ ආදි හිමිකරුවන්” ලෙස ඔවුන් හඳුන්වන එම ආදිවාසි ජනතාව සිහිකරන අතර, මෙම භූමිය ඔවුන්ගෙන් සොරාගත් බවටත් එය බලයෙන් අත්පත් කරගත් බවටත් සිහිකරති. තුන්වන පින්තූරයේ දැක්වෙන්නේ මෑතකදී පලකරන ලද ශිෂ්‍ය සඟරාවක එම සිහිකැඳවීම කර තිබූ ආකාරයයි.
සාමූහිකව වතාවත් ආකාරයට කෙරෙන මෙවැනි සිහිකැඳවීමක් එක් එක් පුද්ගලයාට කෙතරම් වැදගත් වන්නේ ද, ඔවුන් පෞද්ගලිකව සද්භාවයෙන් යුතුව මෙම රීතිගත වතාවත් හි යෙදෙනවා ද යන ප්‍රශ්ණය කෙනෙක්ට නැගෙනවා විය හැක. ඒ වගේම, මෙවැනි සිහිකැඳවීමකින් ඒ ආදිවාසි ජනයාට හෝ ඔවුන්ගේ මීමුනුපුරන් මීමිණිපිරියන්ට සෙතක් උදාවෙනවාද යන්නද ප්‍රශ්ණ කල හැක.

නමුත් මෙතනදී වඩා වැදගත් වන්නේ අපද ඇතුලත් වන පරිදි සැකසී ඇති දේශපාලන ව්‍යුහයක් හෝ ධාරාවකින් කෙරෙන යම් දේශපාලනික මැදිහත්වීමකදී අප අතින් පුද්ගලයෙකුට හෝ සමූහයකට යම් අගතියක් සිදුවන්නේ නම් එම අගතියට පත් පාර්ශවයෙන් සමාව ඉල්ලීමත් තමා අතින් වරදක් සිදු වූ බව පිලිගැනීමත්ය. ශ්‍රීලංකා සමාජය අප දන්න කාලයේ සිට හැඩගැසී ඇත්තේ වැරැද්ද පිලිනොගැනීමටත් අගතියක් සිදු වූ තැනදී එම වගකීම කර ඇරීමටත් ය. මෙය ආයතනයක් වශයෙන් රටටත්, සංස්කෘතිකමය කරුණක් ලෙස සමාජයටත් දැඩි හානියක් ගෙනදෙයි.

මෙහි වඩාත්ම වැදගත් අවස්ථාව වන්නේ වසර හැටක් පමණ පුරාවට ශ්‍රීලංකා දේශපාලනය තුල ද්‍රවිඩ සමාජය පෙලන දේශපාලනයක් පැවතියත් යුද්ධයක් හමාර වූ තැනදී වත් වගකීම්සහගත ලෙස සමාවක් හෝ වැරදි සමථය කරගැනීමකට බහුතරය සිංහලය වූ රාජ්‍යය හෝ එහි කලින් කලට රජ කල සහ අර්බුදයට තෙල් ගැසූ පාලක ආණ්ඩු අසමත්වීමයි. යුද්ධයක් වන තැනට සමාජය තල්ලු කිරීමත්, බෙදුම්වාදී න්‍යායකට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමත්, යුද්ධයක් ඇවිලවීමත් යන මෙම කරුණු සියල්ලෙහිම බර 1956-1983 කාලයේ ආණ්ඩු කල අන්තගාමී, අන්තවාදී සිංහල බෞද්ධ සංකල්පවලට ආ වැඩූ ආණ්ඩු විසින් පිලිගත යුතුය.

ඊටත් මෑත කාලයේ යුද්ධය පැවති සමයේ සහ යුද්ධයේ අවසන් අදියරයන් ආවරණය කෙරෙන පරිදි සිදු වූ “යුද්ධ තත්වයන්ට පරිබාහිරින්” කෙරුනු ඝාතන, පැහැරගැනීම්, වද හිංසා පැමිණවීම්, පුද්ගල දූෂණ, සමූහ ඝාතන, දෙපල කොල්ලකෑම්, අහේතුක රඳවා තබාගැනීම් ආදී දේ තුලින් උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශ වල යුද්ධයේ වින්දිතයින්ගෙන් ද “ලංකා රාජ්‍යය” පක්ෂ, පාට, ජාති වෙනසක් නොමැතිව සමාව ඉල්ලා සිටිය යුතුයි.

23722321_1586324138102004_405039075627037948_n
මෑතක පලවූ ශිෂ්‍ය සඟරාවක ආදි හිමිකරුවන් සිහිකර ඇති අයුරු සහ වින්දිත ආදිවාසීන්ගෙන් සමාව ගෙන ඇති අයුරු.

ඉහත ස්මාරකය විවෘත කල දිනය ලෙස සටහන්ව ඇත්තේ 2009 මැයි 26 වෙනිදා යි. ඒ හරියටම එල්.ටී.ටී.ඊය යුධමය වශයෙන් පරාජය කොට සතියක් ගෙවෙන තැනදීය. 2009 ජනවාරි හා මැයි අතර යුද්ධයේ අවසන් අදියර ලෙස පොදුවේ සැලකෙන මාස පහ තුල 40000 කට ආසන්න සිවිල් පිරිසක් මියගිය ලෙසට සංඛ්‍යා ඉදිරිපත් වී ඇත. යුද්ධය අවසන් වූ අවස්ථාවේ යුධ සිරකරුවන් ලෙස අල්ලා ගැනුනු හා යටත් වුණු එල්.ටී.ටී.ඊ කාඩරය සමූහ ඝාතනය නොකල බවට ආණ්ඩුවට සාක්ෂියක් මේ වන තෙක් ඉදිරිපත් කිරීමට ද නොහැකි වී ඇත. සම්මත යුධ නීතියට හා එහි වගන්ති වලට පිටින් ක්‍රියාකර ඇති බවට ජාත්‍යයන්තරය හමුවට පවා පැමිණ වී ඇති සාක්ෂි වලට ඔවුන් පිලිතුරු දී ඇත්තේ ඒවා බොරු සාක්ෂි ය යන “වග නොවීමේ” පිලියම යොදමිනි. පුනරුත්ථාපන යැයි කියන කඳවුරු වලින් අතුරුදහන් කෙරුනු, කායික, මානසික හා ලිංගික පීඩාවට පත්කෙරුනු සහ ලිංගිකව අපයෝජනය කොට මරාදැමුනු අය පිලිබඳ ආඛ්‍යානයන් සවිස්තරාත්මකව සමාජගත වී ඇතත් ඒ පිලිබඳව ද ඇත්තේ මුනිවත රැකීමකි. නැතිනම්, එසේ සිදු නොවුන බවට තමන්ව රවටා ගැනීමකි.

උතුරේ ඉඩම් අර්බුදය ගත්තත්, නැවත සමාජය සිවිල් ව්‍යුහයක් යටතේ විධිමත් කිරීම ගත්තත් අප දකින්නේ ඇල්මැරුනු ස්වරූපයකි. යුධ තත්වයක් යටතේ හමුදාව අත්පත් කරගත් තම ඉඩම් ඉල්ලා වන එක් උද්ඝෝෂණයකට දින 200 කුත් පිරී ඇත. මෙවන් උද්ඝෝෂණ පසුගිය වසර 8 පුරාම දක්නට ලැබුනි. තවද අතුරුදහන් කෙරුනු තම සමීපතමයන් ඉල්ලා කෙරෙන උද්ඝෝෂණ මාලාවක් ද නොකඩවා සිදු කෙරේ. ඒ අතරම උතුරේ ජන්මය ලත් පැමිණිලි ඉදිරිපත් නොකෙරුනු පුද්ගලයින් 120කට ආසන්න පිරිසක් තවමත් දකුණේ සිරමැදිරි තුල ය. මෙම සියළු කාරණා වලින් පෙනෙන්නට ඇති එක් කරුණක් වන්නේ උතුරේ සිදු වූ සමස්ත ක්‍රියාවලිය දෙස ඕලාරිකවත් එය ප්‍රමුඛතා මාලාවේ අවම අවස්ථාවක් ගන්නා දෙයක් ලෙසටත් දකුණ-කේන්ද්‍රිත දේශපාලකයින් සලකා තිබෙන බවත්, උතුරට වැඩි “වටිනාකමක්” දීමක් නොවන බවත් ය.
එක් එක් පුද්ගලයා කෙසේ ප්‍රතිචාර දැක්වුවත්, එම කටයුත්තේ සද්භාවයෙන් ම නොයෙදුනත් ඇගයුමක් හා වටිනාකමක් ලෙස “සමාව ඉල්ලීම” ඉතාම වැදගත් ය. එහි සංකේතාත්මක මෙන්ම වාරිත්‍රමය අගයක් පවතී.

අප උතුරෙන් හා නැගෙනහිරින් සමාව ඇයදිය යුත්තේ ඔවුන්ගේ භාෂාවට ඇති අයිතිය, සමානාත්මතාවයට ඇති අයිතිය මෙන්ම තම සංස්කෘතියට හා ඉතිහාසයට ඇති ධීනත්වය ඔවුන්ගෙන් අප වෙන්කරන්නට අනුබල දීමත්, ඒ හේතුවෙන් එම සමාජ කොටස් වසර 30 කට ආසන්න යුද්ධයකට ඇද දැමීමත් නිසාය. තම පාරම්පරික භූමි ප්‍රදේශ වල සමානාත්මතාවයෙන් හා සහජීවනයෙන් දිවිගෙවන්නට ඔවුන්ගේ තිබුණු අපේක්ෂාවන් නොසලකා හැරීමත් නිසාය. දෙමළ ප්‍රශ්ණයට අදාලව තම වැරදි වලට සමාව ප්‍රකාශ කොට ලංකා රාජ්‍යය හා එහි බහුතර සිංහල කොටස් වගවීම හා වගකීම තම භාරයට ගන්නා තෙක් ‘සහජීවනය’ හෝ ‘සංහිදියාව’ හුදෙක් ලස්සන වචන දෙකක් පමණක් වනු ඇත.