ප්‍රාථමිකය තුල ඉංග්‍රීසි අධ්‍යාපනය තහවුරු කිරීම.

මා පාසල් අධ්‍යාපනය ලැබූ විද්‍යාලය 1958 දී රජයට පවරගත් එකකි. මෙතෝදිස්ත මිෂනාරීන් යටතේ අවුරුදු හැට පහක් (1894-1958) පමණ මෙය පාලනය වුනු අතර ඒ වන විටත් මෙහි ලමුන් 700ක් පමණ ඉගෙනුම ලබන්නට ඇත. අධ්‍යාපනය වඩා පුළුල් සමාජ වරප්‍රසාදයක් ලෙස සලකා, ප්‍රභූ අවකාශ වලින් ඔබ්බට එය ව්‍යාප්ත කරවීමෙහි ලා දායක වුනු එක මූලික පියවරක් ලෙසට එකල පැවති පෞද්ගලික හා ආධාර ලබන පාසල් මෙසේ රජයට පවරාගැනීම සලකනු ලබයි. 1950 අග භාගයේ ආරම්භ වී ඊලග විසි වසර පමණ පුරාවට පන්නරය ලැබූ ජනතාකරණ ව්‍යාපෘතියක එක් අවස්ථාවක් ද ලෙස මෙම පෞද්ගලික ගොඩින් පොදු ජනතා ප්‍රයෝජනයට විවිධ අවකාශයන් නිර්-ප්‍රභූකරණය කිරීම තේරුම් ගත හැක.

1945freeeducationpolicyinconsrlankaවිද්‍යාලයේ ලේඛන පවා පරිශීලනය කිරීමේදී මෙම අමුතු සංක්‍රාන්තික සමයේ යම් යම් ආශ්වාදජනක තැන් හමුවෙයි. ඉන් එකක් වන්නේ රාජ්‍ය භාෂාව ලෙස සිංහලය භාවිතයට නියම කෙරෙන දින සිට විදුහල්පතිගේ ලොග් සටහන ඉංග්‍රීසියෙන් සිංහලට මාරු වීමයි. ඉංග්‍රීසි ආචාර්යවරයෙකුද වන ඒ අදාල විදුහල්පතිතුමා ඉංග්‍රීසියෙන් පවත්වාගෙන එන ලොග් පොත අදට අදාල පිටුවෙන් ඊලග පිටුවට යන විට ලියවෙන්නේ සිංහලෙනි. කාර්යාලයට පැමිණෙන සැමට ඉංග්‍රීසියෙන් අමතන්නට නියෝග ද කල සිටි විදුහල්පතිතුමා සිංහලය රාජ්‍ය භාෂාව වුනු තැන සිට සිංහලට මාරු වුනු බවද, ඉංග්‍රීසියෙන් කතාකරන්නන් ව සිංහලට මාරු කෙරූ බවද ජනප්‍රවාදයේ පවතින කතාවකි. මේ ආකාරයටම 1959 වසරේ පාසල් සඟරාවේ එන විදුහල්පති වාර්තාවක සඳහන් වන්නේ “වෙනස් වන සමාජයත් සමඟ ඉදිරියට යන පාසල මෙම වසරේ සිට සිංහල මාධ්‍යයෙන් පන්ති ආරම්භ කල බව” ඔහු සතුටු සිතින් සඳහන් කරන බවයි.

මෙම සිදුවීම් වලින් වසර හැටක් යන තැන ඒ පාසල තත්වාකාරයෙන් සිංහල බෞද්ධත්වය මුල් තැනට පත්කරගත්, පහල මධ්‍යම පාන්තික සිංහල උප නාගරික විඥානයකින් මෙහෙය වෙන බවට කෙනෙකුට යෝජනා කල හැකි, ජනප්‍රියවාදී සංස්කෘතිය විසින් සෑහෙන දුරකට ගිලගත්, ඉංග්‍රීසිය හුරු නැති, අර පැරණි ඉතිහාසය කෞතුක වටිනාකමකින් සලකන අධ්‍යාපන ආයතනයකි. මගේ පහසුව පිණිස, මට අත්දැකීම් ඇති මෙම විදුහල උදාහරණය ලෙස ගත්තත්, ඉහත සඳහන් කල පරිවර්තන ක්‍රියාදාමයට මීට සමාන්තරව නතුවුනු බොහෝ විද්‍යාල වල තත්වය මෙය විය හැකියි. 1956ට සාපේක්ෂව උතුම් යැයි සැලකිය හැකි සමාජ පරිවර්තන ක්‍රියාවලියක එක් අවස්ථාවක් ලෙස මෙම විද්‍යාල රාජ්‍ය පාලනයට නතු වී එහි මෙවලම් බවට පත්වුනු අවකාශයන් ය. එසේ රාජ්‍ය ව්‍යුහයට නතු නොවූයේ නම් මේ ඇතැම් පාසල් කාලයාගේ ඇවෑමෙන් වැසී යාමට පවා ඉඩ තිබුනු බව කෙනෙකුට තර්ක කල හැකිය.

50-60-70 දශකයේ නැගී එන ජනතාකරණ ප්‍රවාහය වඩා පරිපූර්ණ වන ලෙසට ගමනාගමනය, සෞඛ්‍යය, ජනමාධ්‍ය මෙන්ම ඉඩම් වැනි දේද පොදුජන ක්‍රමයක් වටා ස්ථාපනය කෙරිනි. වාමාංශික ලෙස එකල මතුවුනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ බලවේග මුලිනුත්, ඊට සභාග වුනු පැරණි වමේ පක්ෂ සමඟ පසුවත් ඉදිරියට ගෙන ගිය මෙම ව්‍යාපෘතීන් ප්‍රගතිශීලී හා සුභසාධනවාදී පදනමකින් ක්‍රියාත්මක වුනු බව පොදුවේ පිලිගත හැකිය. නමුත් මෙහිදී වැදගත් තවත් කාරණයක් අප අමතක නොකල යුතුය. එනම් මෙම සුභසාධන හා පරිධියට ආමන්ත්‍රණය කෙරෙන්නේ යැයි කරුණු දැක්විය හැකි සමස්තය තුල ඒ පරිධියට ප්‍රවේශ විය නොහැකි, පන්ති හා ප්‍රභූත්ව පදනම මත පමණක් වඩා ලේසියෙන් ඇතුළු විය හැකි ස්ථරයන්ද නඩත්තු කල බවයි. මෙය අධ්‍යාපනයට ම අදාල කොට උදාහරණ ගෙන දැක්වුවහොත් සාමාන්‍ය ජනතාවට අඩු වරම් ඇති, පාන්තික අර්ථයකින් නිර්වචනය වුනු සුපිරි පාසල් කියා කොටසක් දේශපාලන, ආර්ථික හා සම්ප්‍රදායක ප්‍රභූ කඳවුර වෙනුවෙන් ඉතුරු කොට තිබූ අතර ඒවා අර ජනතාකරණයට ලක්කරන ලද අධ්‍යාපන දේහයේම පවතින පිලිකාකාරක නොවන (හෝ එසේ නොවන ලෙස සැලකෙන සේ පෙනුන) ගැටිත්තක් මෙන් පැවතිනි.

havelock-2
අධ්‍යාපනයේ අන්තරය 1: නාගරික පලමු පෙල ජාත්‍යන්තර පාසලක රැස්වීම් අවස්ථාවක්.

ලංකාවේ ලියා පදිංචි කරන ලද පලමු ජාත්‍යන්තර පාසල ඇතිවන්නේ 1980 දී පමණය. මා නිවැරදි නම් (මා වැරදි වීමට ද ඉඩ ඇත) කොළඹ ජාත්‍යන්තර පාසල ආරම්භවන්නේ මේ ආසන්න කාලයකදීය. මුලින්ම ලංකාවට සංක්‍රමණය වී සිටින තානාපතිවරුන්, විදේශ ශ්‍රමිකයන් ආදීන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ආමන්ත්‍රණය කරමින් ඇරඹි මේවා ක්‍රමානුකූලව කොළඹ සුපිරි සමාජයද ඈඳා ගැනීමට සමත් විය. විශේෂයෙන්ම, එක්තරා පැලැන්තියක ආශ්‍රයේ තම දරුවන් වැඩෙනවාට කැමති, එම දරුවන් බටහිර රටකට ඉහල අධ්‍යාපනය සදහා යවන්නට කැමති හා ඒ හැකියාව ඇති, දරුවා එසේ අනිවාර්යයෙන් යන බවට හොඳින්ම දන්නා පැලැන්තියක් මෙම පාසල් සමඟ තම පරපුරේ මතු අධ්‍යාපනය ආයෝජනය කරන්නට යෙදුනි. ඒ වගේම, සුපිරි පාසල් තවදුරටත් සුපිරි මදියි හා ඒවා ගුණාත්මකව හා පාන්තික අතින් පිරිහී ඇතැයි ද, ඒවාගෙන් ලැබෙන අධ්‍යාපනය සීමාකාරී බවටද සැලකූ සමාජයේ ධාවනකාරී කොටස් ද ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනය හා සම්මුඛ වූහ.

ජාත්‍යන්තර පාසල් වර්ධනය වීමට සමාන්තරව ලංකාවේ බලයට පත්වුනු රජයන් ආයෝජකයින් වශයෙන් සුභසාධන රාජ්‍යයෙන් ඈත්වීම ද ක්‍රමක්‍රමයෙන් සිදුවිනි. ප්‍රසාරණයවන සමාජයට ගැලපෙන පරිදි ආයෝජන සිදු නොවුනු අතර, සුභසාධන පොරොන්දුව මත ගොඩනැගූ පරිසරය නඩත්තු කිරීමටද නොහැකි විය. මහා පරිමාණ දූෂණ, කොමිස්, වංචනික භාවිතයන් වැනි අංග වඩාත් ඉස්මතු වී රාජ්‍ය පරිපාලන ව්‍යුහය ප්‍රතිපත්ති මට්ටමේ සිට ප්‍රායෝගික ක්‍රමවේදයන් දක්වාම ගිලගන්නා තත්වයක්ද මතුවුනු බව පෙනෙන්නට තිබුනු අතර පසුගිය දශකය පමණ කාලයේදී මෙය ඉතාමත් පිලිකුල්සහගත ලෙස පුපුරා ගිය බව පෙනෙන්නට තිබේ.

නිදහස් ආර්ථිකයත් සමඟ නාගරික හා උප නාගරික මධ්‍යම පන්තිය ප්‍රසාරණයවන වේගයට ඔරොත්තු දිය හැකි මට්ටමේ අධ්‍යාපන පද්ධතියක් අපට සමාජගත කිරීමට නොහැකි වුනි. සුපිරි පන්නයේ (ඒෂියන්, ඕවර්සීස්, බ්‍රිටිෂ් ස්කූල්, සී.අයි.එස්) වැනි ජාත්‍යන්තර පාසල් තීරුවට ද්වියිතීක පථයක දිවෙන දෙවන පෙල ජාත්‍යන්තර පාසල් වැඩ අල්ලන්නේ මෙම පසුබිම යටතේයි. ගේට්වේ, ලයිසියම්, සසෙක්ස්, වැනි ජාලාගත පාසල්වල සිට වඩා සීමිත ආකාරයෙන් ක්‍රියාත්මක වන විවිධාකාර බටහිර නම් ඇති සන්නාම පුවරු යටතේ දිවෙන මෙවැනි ආයතන නැති ටවුමක් අද ලංකාවේ ඉතා දුර්ලභ වී ඇත. මෙවැනි ක්ෂුද්‍ර ජාත්‍යන්තර පාසල්වල ඉල්ලුම වඩාත් ඇත්තේ ජනප්‍රිය පාසල් සටනින් පසුබසින හා හෙම්බත් වී සිටින මධ්‍යම පාන්තික දෙමව්පියන්ටයි. මෙම පාසල් බහුතරය ජාත්‍යන්තර විෂය නිර්දේශය ඉගැන්වුවත් නැතත් ජාතික විෂය මාලාව උගන්වයි. බොහෝ දෙමව්පියන් සාමාන්‍ය පෙල දක්වා යන ගමනේදී මෙම පාසල්වල රැකවරණය පතා යන අතර අපගේ නාගරික හා උප නාගරික මධ්‍යම පන්තික පරිකල්පනය තුල මෙම ක්ෂුද්‍ර හා දෙවන පෙල ජාත්‍යන්තර පාසල් දෙසට නැඹුරු වුනු කුලකයක්ද මතු වීම යථාර්ථයක් වී අවසනය.

FactorySchool1_CM
අධ්‍යාපනයේ අන්තරය 2: කඳුකරයේ තේ වත්තක් ආශ්‍රිත පාසලක රැස්වීම් අවස්ථාවක්.

දැන්, ප්‍රාථමික පංතිවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දිය යුතුයි ද නැද්ද යන කතාව අප කල යුත්තේ මෙවැනි පරිසරයක් යටතේයි. පසුගිය සතියේ අතුරලියේ හාමුදුරුවන් කලා යැයි පුවත් පතක් ගෙනහැර දක්වා තිබුනු අදහසට යෝජකවත් ඊට එරෙහිවත් මතයන් ඉදිරිපත් වි තිබිනි. පුවත් මවන්නා වන අතුරලියේ හිමියන් දේශපාලන ප්‍රභූ නමකි. වත්කම් ප්‍රකාශයක් දී නැති නිසා ඔහුගේ ආර්ථික ශක්තිය ගැන තිතට තක්සේරුවක් කල නොහැකි වුවත් (සහ එවැනි තක්සේරු සාධාරණ නොවන නිසාත්), දේශපාලන ශක්තිය අතින් ඔහු රජුන් තනන්නෙක් ද තැනූ රජවරුන් අනාථ කරන්නෙක් ද බවට සැලකිය හැකි කරුණු ඇත. ඒ වගේම, 1980 දශකයේ සිට ඔහු ආ දේශපාලන ගමන්මග සැලකුවොත් ඔහු කල ප්‍රකාශය අමුතු දෙයක් කරගත යුත්තේ ද නැත. කෙටියෙන් කිවහොත් මෙම පුවත් මවන්නා ජාතිකවාදී දේශපාලන මහා මෙරුවකි.

නමුත් ගැටළුව ඇත්තේ එම ප්‍රකාශය අප ධාරණය කරගන්නා ආකාරයේයි. මම දන්නා තරමින් රාජ්‍ය පාසල්වල ප්‍රාථමික පන්තිවල මවුබස ඉක්මවා යන ඉංග්‍රීසිය ඉගැන්විම් මාධ්‍යය කරගත් ඉගැන්වීමක් සිදුවන්නේ නැත (එය එසේ සිදුවනවා නම් එය මගේ දැනුමේ සීමාවකි). සිදුවන්නේ පන්ති විෂයක් ලෙස ඉංග්‍රීසිය ඉගැන්වීම හා ඇතැම් සිමිත විෂය සමගාමී වැඩ කීපයකට ඉංග්‍රීසිය ගාවා ගැනීමයි. පන්ති විෂයක් ලෙස පවා වඩා විදිමත් ලෙස ඉංග්‍රීසියට ප්‍රවේශයක් සිදුවන්නේ වයස 8-9 වැනි කාලයේදීයි. ප්‍රාථමිකයේදී ඉංග්‍රීසිය මාධ්‍යය නොවිය යුතුයි සහ මවුබසින් අධ්‍යාපනය දීම තුලින් ලමයාගේ රසාඥතාවය හා පරිසරය හා වන සම්බන්ධය දියුණු වන්නේය ආදී ලෙසටද ඇතැම් අය අදහස් දක්වා තිබුනි. නමුත් මෙය පිලිගත හැකි තත්වයක් නොවේ. මේ තර්කය සුපිරි ජාත්‍යන්තර පාසල් හා සිංහලය හා හරිහරියට (හෝ ඊට වැඩියෙන්) බටහිර සංස්කෘතිකාංග වලටද බර තැබෙන ශාන්ත තෝමස්, ට්‍රිනිටි වැනි පාසල් වලට මොවුන් අදාල නොකිරීම තුලින් ම මෙම නිගමනයේ ප්‍රශ්ණකාරීබව තවත් තිව්‍ර වේ.

1200px-School_in_Badulla_Districtළමයකුගේ බුද්ධි වර්ධනය, රසාඥතා වර්ධනය හා ලෝකය දැකීම ගැන ඔවුන් මතුකරන ඒ අදහස් වඩා තදින් බැඳී ඇත්තේ අර 1958 යුගයේ ආ දේශීයකරණ ක්‍රියාවලිය සමඟයි. ඒ දේශීයකරණ වායුවෙන් මිදී, තම කොටස රැක ගැනීම සදහා සුපිරි පාසල් ඇති කරගෙන, ඔවුන්ගේ ඊලග පරම්පරාව වන විට ජාත්‍යන්තර පාසල් ද ඇති කරගත් සමාජයේ ඉහලම ආර්ථික කුවේරයෝ තොටිල්ලේ සිටම තම දරුවා යොමුකරන්නේ බටහිර හා බැඳි සමාජ-සංසකෘතික පථයක් ඔස්සේයි. ගල් කොරිය කපා, හොර දැව විකුණා, දේශපාලනය ජාවාරමක් කර ඉස්මතු වූවාගේ සිට නගරයක් පාසා රෝහල් හා මුත්‍ර පරීක්ෂණ ආයතන පිහිටවූ ව්‍යවසායකයාත්, සමාජයේ මධ්‍යම පන්තියෙන් ඉහලට නැගගෙන මතුවීගෙන එන වෘත්තිකයාත් දක්වා පරාසයක් අධ්‍යාපනය ලබන්නට තම දරුවා පළමු වසරට ඇතුලු කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයටයි. ලංකාවෙන් ඔබ්බට අනිවාර්යයෙන් තම පරපුර තල්ලු කිරීමටත්, ලංකාවට ඔබ්බෙන් වන රසඥතාවයක් ඉලක්ක කොටගෙනත් ඒ කුඩා දරුවන් සමාජයානුයෝජනය කිරීමටත් මොවුන් වඩාත් උනන්දු වන බව පෙනේ.

සිංහල ද, ඉංග්‍රීසි ද කියන ප්‍රාග්-ඩිජිටල් බෙදුමෙන් එහාට යන, එය පිලිකෙව් කරන අධ්‍යාපනයක් අපගේ කුඩා දරුවන්ට අවශ්‍යයි. අප දැනටමත් එයට ප්‍රමාද වූවා වැඩිය. මාධ්‍යය මත නොරඳන, මාධ්‍ය විනිවිද යන, නූතනත්වයට නොගරහන, බහු-සංස්කෘතික පරිසරයන්ට නිරාවරණය වුනු, ළමයින්ගේ මනස් මත නොපහරන අධ්‍යාපනයක් අපට අවශ්‍යය. එයට අනුගත කරගත නොහැකි ගුරුවරුන් හා අධයාපන බලධාරීන් වෙනත් සුදුසු රැකියාවක් සොයාගත යුතුය. මා ප්‍රාථමිකයෙන් 6 වසරට සමත් වි දැනට අවුරුදු 25කට ආසන්න කාලයකි. ඒ අවුරුදු 25ට ලෝකය කෙතරම් වෙනස් වී ඇතිද? කලිසම් සාක්කුවක දුරකථනයක් ගෙන යා හැකි යැයි එදා අධ්‍යාපන පරිකල්පනය තුල තිබුනේ නැත. නමුත් එදා තිබුනු ප්‍රාථමික අධ්‍යාපන සිද්ධාන්ත හා ක්‍රමවේදයන්ම පිරියම් කරමින් අදටත් අප පවත්වාගෙන එන්නේ නම් සුපිරිවන්තයා හා බලවන්තයාට සින්නක්කර ඔප්පුවකින් තෑගි කල අනාගතයක් පමණක්ම අපගේ දරුවන්ට අප විසින් ඉතිරි කරනු ඇත.

“නල්ලූර් රාජධානියේ නගර සැලැස්ම”: වී.එන් ගිරිදරන්.

අහස ප්‍රකාශනයක් ලෙස 2018 දී නිකුත් වී ඇති ජී. ජී. සරත් ආනන්ද විසින් සිංහලට පරිවර්තිත වී. එන්. ගිරිදරන්ගේ නල්ලූර් රාජධානියේ නගර සැලැස්ම කෘතිය පුරාතන පූර්ව-යුරෝපා යටත් විජිත උතුරේ බල සැකැස්ම හා නගර විහිදීම පිලිබඳව ප්‍රවේශ අධ්‍යයනයක් ලෙස යම් පිටුවහලක් කරගත හැකි කෘතියකි. ගිරිදරන් විසින් තම විශ්ව විද්‍යාල උපාධි අධ්‍යයනයක් ලෙස මුලින්ම සම්පාදනය කර ඇති මෙම කෘතියට අදාල ලියවිල්ල 1996 වසරේදී ග්‍රන්ථයක් ලෙස ඉන්දියාවේදී ප්‍රකාශයට පත්වුනු බව පරිවර්තකගේ සටහනේ දැක්වේ.

nallur_rajadhaniye_nagara_salasma_giritharan_navaratnam-500x500යාල්පානම් හි නල්ලූර්-කේන්ද්‍රිතව පැවතිය බවට මත පලකෙරෙන රාජ්‍යයක් පිලිබඳව පවතින විද්වත් මත, ආනුභූතික, ලිඛිත හා අලිඛිත සාක්ෂි ආදිය එකට සංස්ලේෂණය කරමින් ගිරිදරන් ගෘහ හා වාස්තු විද්‍යාඥයකුගේ කෝණයෙන් මෙම පුරාතන, භාගයකටත් වඩා වැළලී ගොස් ඇති ශිෂ්ටාචාරයට ප්‍රවේශ වෙයි. ශාස්ත්‍රීය අර්ථයෙන් ගත් විට ග්‍රන්ථයේ වැඩි බර තැබෙන්නේ ගෘහ නිර්මාණයට හා වාස්තු විද්‍යාත්මක අංශවලට වුවත් මෙවැනි ජනාවාස හා ශිෂ්ටාචාරයක් ගැන අඩු අවබෝධයක් ඇති උතුරේ අතීත ශිෂ්ටාචාරයෙන් දුරස්ථ අයෙකුට මෙම කෘතියෙන් එම අතීතය අවබෝධ කරගැනිමට ප්‍රවේශ මාර්ගයක් කපා දෙනු ඇත. මෙහිදී වඩා වැදගත් වනු ඇත්තේ ගිරිදරන් තම නිබන්ධනයේ පසුබිම සකස් කිරීමේදී යාල්පානම් ඉතිහාසය ගැන තොරතුරු කතාකෙරෙන යාල්ප්පාණ වෛපවමාලෛ වැනි පැරණි ග්‍රන්ථවල සිට නිබන්ධනය රචිත 90 දශකයේ මුල දක්වාවන ශාස්ත්‍රීය හා අශාස්ත්‍රීය මැදිහත්වීම් අඩංගුවන සේ සකසා ගත් සංකල්ප රාමුවයි. මේ තුල යාපන ශිෂ්ටාචාරය විනිවිද යන, එම පරාසයෙන් ඔබ්බට විහිදෙන ක්වේරෝස්ගේ ද කොන්ක්වෙස්ට් ඔෆ් සිලෝන් වැනි මැදිහත්වීම් ද ඇති අතර ඉන් වඩාත් බහුවිධිත මානයකට අවශ්‍ය ප්‍රවේශයක් ගිරිදරන් ලබාගෙන ඇත.

පශ්චාත්-2009 සමයේ වඩාත් විශ්වාසයෙන් කෙරෙන හා වඩාත් සාහසික ලෙස නැගී සිටින සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ එක් ව්‍යායාමයක් වන්නේ උතුරේ සම්ප්‍රදායික නිජබිමක් හෝ එය තම භූමිය කරගත් ශිෂ්ටාචාරයක් නොවුනු බව මතවාදිමය ලෙස වැපිරීමයි. පසු-යුධ සමය තුල උතුරෙන් හා නගෙනහිරින් මතුවුනු බුදු පිලිම වලට අමතරව මෙම ප්‍රදේශවල බලෙන් ගොඩනැගූ සිංහල සම්බුද්ධ වපසරියන් එම ප්‍රදේශ මත පැටවුනු මිලිටරිකරණයේම එක් මුහුණුවරක් ගනු ලැබීය. සමාජ මාධ්‍ය හා සම්ප්‍රදායික ජනමාධ්‍ය ද ඉතා සූක්ෂම හා උපායශීලී ලෙස යොදාගනිමින් ලාංකික ජන මනස තුල උතුරේ දෙමළ ඉතිහාසයක් නොතිබුනේය, එය ඉතා මෑතක ඇරඹි ඉන්දියානු ව්‍යාප්තියක් ය යන අදහස ක්‍රමානුකූලව රෝපණය කරගෙන යන අවදියක අප සිටිමු. මෙහිදී පැන නගින තවත් ගැටළුවක් වන්නේ මෙම ස්වෝත්තමවාදී ආන්තික මතවාදයන්ගේ බීජයන් තුලනය කිරීමට අවශ්‍ය ප්‍රතිමතය එම ආකාරයෙන්, එම මට්ටමින්, එම ජවයෙන් භූ-දේශපාලනික ලංකාව තුල ප්‍රසාරණය නොවීමයි. පසු-යුධ සමයේ කෙරෙමින් පවතින න්‍යායික හා චින්තනමය ගැටුමේදී ද්‍රවිඩ ජන අභිලාෂය, ඔවුන්ගේ ඉතිහාසය හා උරුමය සිංහල සමාජය තුල ස්ථාපනය කිරීමේ රික්තකය වඩාත් දැනෙමින් පවතී.

vng_new
ගිරිදරන්

තම කෘතිය තුලදී ගිරිදරන් වැදගත් කරුණක් මතුකර සිටී. නිබන්ධනය මුලින් ලියන්නට ඇති 90 දශකයේදී පැති සටහනකට සමීප ස්වරයකින් ඔහු පවසා සිටින්නේ “ඓතිහාසික නටඹුන් ආරක්ෂා කිරීම සම්බන්ධව දමිළ ජාතිකයින් සාමාන්‍යයෙන් පසුගාමී කොටසක්” (55) බවත් නල්ලූර් ගැන අධ්‍යයනයම මීට හොඳම උදාහරණයත් බවත්ය. මෙම ප්‍රකාශය 1990 ගණන්වලදී කල එකක් වන අතර වර්තමානයේදී එහි අදාලත්වය වඩාත් ඛේදනීය ලෙස මතුවන්නක් වනු ඇත. මන්ද යත් ගිරිදරන්ගේ අදහසට අනුව දමිළ ජනතාවට නටඹුන් ආරක්ෂනයේ වැඩි ශක්‍යතාවයක් නැති වුවත් ලංකා රාජ්‍යයට හෝ එයින් වඩාත් වුවමනාවෙන් නියෝජනය කෙරෙන බහුතර සිංහල ජන සමාජයට මෙම නටඹුන් ගැන එම උනන්දුව වත් නැතැයි යෝජනා කල හැක. නැගී එන රණකාමී සිංහලොන්මාදී ජාතිකවාදය හමුවේ හා එම ප්‍රවාහය හා මානසිකව හා කායිකව එක් වී සිටින බලමුළු අභියස මෙම අතීත දමිළ නටඹුන් වළලා ම දැමීමට එම මතවාදයන් ක්‍රියාකරයි. යුද්ධය නිසා අඩපණව තිබෙන යාපන සමාජය මෙන්ම යුද්ධයේ අතුරුඵලයක් ලෙස පත් ඉරු මෙන් තීරු වී උතුරෙන් පිටමන්ව පිටුවහල්ව ලොව පුරා පැතිරී සිටින යාල්පානමට හා එහි ඉතිහාසයට, එහි උරුමයට හිතැති ශාස්ත්‍රීය ප්‍රවාහයන් ද මෙම පදනම් ආරක්ෂා කරගැනීමට හැකි තැනක සිටී යැයි සිතිය නොහැක. යුද්ධය විසින් මෙසේ ඇති කර ඇති ශාස්ත්‍රීය, සමාජ, සංස්කෘතික හා ආධ්‍යාත්මික හිස්තැන තුල එම අතීත ඉතිහාසයන් වල දැමීමටත්, පොදු ජන විඥානයෙන් ඒවා මක්කවා දැමීමටත් අවශ්‍ය වුන්ට වඩා රිසිසේ දුව පැනීමට අවශ්‍ය ඉඩ හසර විවර වී තිබේ.

nallurගිරිදරන්ගේ කෘතිය උතුරේ උරුමය තේරුම් ගැනීමේ ප්‍රවේශයක් පමණක් ලෙස ගත යුතු යැයි මා මුලින් යෝජනා කර සිටියේ මෙම හේතුව නිසයි. එය සිංහලට පරිවර්තනය කර තිබීමත්, එම හේතුව නිසාම එය සිංහල භාෂිත පාඨකයාට සම්මුඛ වීමත් මෙසේ සදහන් කිරීමේ හේතුවයි. උතුරේ අතීත උරුමය තේරුම් ගැනීමට අප සිංහලට නැගිය හැකි හා එම පාඨකයා හා බෙදාගත හැකි වෙනත් වඩා ගැඹුරු කෘති ද බොහෝ වේ. සාමාන්‍ය පාඨකයාට තේරුම්ගත හැකි සංවාදශීලී විලාසයකින් ලියා ඇති වඩා මෑත කාලයේ ලියවුනු, තවමත් ප්‍රධාන ධාරාවේ සංසරණය වන පොත් පවා බොහෝ වැදගත් වනු ඇත. ඉතිහාසය තුල වාර්ගික අනන්‍යතාවය විකාශනය, දමිළ භාෂාව, එම සංස්කෘතිය හා ශිෂ්ටාචාරයේ ක්‍රමික වෙනස්කම් හා ඒවා තුලනාත්මකව දකුණේ වුනු දේශපාලන හෙල්ලීම් හා ඉතිහාසයේදී සමාන්තර වුනු ආකාරය ආදී කරුණු මත පිහිටා මෙම දූපතේ ඉතිහාසය හා වර්තමානය තේරුම් ගැනීමට මෙම පියවර ඉතාමත් අත්‍යාවශ්‍ය වන අතර, දැනටමත් අප ප්‍රමාද වූවා වැඩිය.

මරිච්චුකඩ්ඩිය හා ඉතිහාස කතා කේන්ද්‍රයෙන් පිටතට හැරවීමේ අවශ්‍යතාවය ගැන.

later8
ලෙනාර්ඩ් වුල්ෆ්

මෑත කාලයේ මරිච්චුකඩ්ඩි ප්‍රදේශය කතාබහට ලක්වුනේ එ් ආශ්‍රිත විල්පත්තු පරිධියේ අනවසර ජනාවාස ගොඩනගන්නේ යැයි චෝදනා ලැබූ රිෂාඩ් බතියුදීන් ඇමතිවරයා නිසයි. ඒ විල්පත්තුව අද්දර ගොඩනගමින් යනවා යැයි කියන මුස්ලිම් ජනපද පිලිබඳ විවාදය තවමත් ජන විඥානය කලඹවනු ලබයි. ගූගල් සර්ච් එකකට “මරිච්චුකඩ්ඩි” කියා ඇතුලත් කල අවස්ථාවකදී පවා ඉදිරියෙන්ම වන්නේ මෙම ජනපදකරණය හා සම්බන්ධ පෝස්ට් කීපයකි.

පහතින් දැක්වෙන්නේ 1906 දී බ්‍රිතාන්‍ය ජාතික සිවිල් සේවක (පසුකාලීනව ලේඛක හා ග්‍රන්ථ ප්‍රකාශක) ලෙනාඩ් වුල්ෆ් විසින් මරිච්චුකඩ්ඩි ආශ්‍රිතව මුහුදේ කල මුතු ගැරීම පිලිබඳව සටහනකි. 1906 කාලය වන විටත් ලංකාවේ මන්නාරම ප්‍රදේශය මුතු ව්‍යාපාරය සම්බන්ධව පෙර-අපරදිග නමක් දිනාගෙන තිබී ඇති අතර ඒ කර්මාන්තය සඳහාම මුතු ගැරීමේ කාලයට 30,000කට අාසන්න පිරිසක් මන්නාරමට පැමිණෙන බවත් වුල්ෆ් සඳහන් කරනවා.

මුතු ගැරීම සිදුකරන කඳවුර හැම විටම තිබුනේ යාපනයේ සිට කපුටා පියාසර කරන වේගයට හැතැප්ම 40ක් ගිය තැන පිහිටි මරිච්චුකඩ්ඩියෙදීයි. මුතු ගැරීමක් නැති විටක මරිච්චුකඩ්ඩිය යනු ගණ වනාන්තරය ආරම්භවන තැනට හැතැප්ම භාගයක් පමණ මෙපිටින් වූ, වැලිගහන ලඳු කැලෑවෙන් පිරි යායක පිහිටි සිතියමේ එක් නමක් පමණයි. මන්නාරමට යාමට වෙරළ අද්දරින් වැලි පාරක් තිබුනත් මරිච්චුකඩ්ඩියට ලඟා වීමට මාර්ගයක් නොවන අතර එහි ලඟාවිය හැකි එකම මාර්ගය මුහුද හරහායි. එහි වරායක් නොතිබි අතර ඉන්දියාවෙන් සහ කොළඹින් එන වඩා විශාල බෝට්ටු හා නැව් මුහුදේම නැංගුරම් ලා තබනු ලැබේ. ආසියාවේ හැම කොනකින්ම විසි-තිස් දහසකට ආසන්න පිරිසක් – කිමිදෙන්නන්, ආභරණකරුවන්, තැරැව්කරුවන්, වෙළෙන්දන්, අතරමැදි ගැනුම්කරුවන්, ආයෝජකයින්, කඩකරුවන්, තක්කඩීන් හා අපරාධකරුවන් – මෙහි ආ-ගියහ. මේ යන-එන පිරිස රැඳවීමට ආණ්ඩුව — එනම් ආණ්ඩුකාර ඒජන්ත — විසින් මේ මහා වැලි කතරේ තාවකාලික නගරයක් ගොඩනැගීය. මේ නගරයේ ඒජන්තට බංගලාවකුත්, කිමිදෙන්නන්, වෙළෙන්දන් හා කඩකරුවන්ට අට්ටාලත්, උසාවියකුත්, පොලිස් ස්ථානයකුත්, සිරගෙයකුත්, රෝහලකුත් ඉදිකෙරිනි. මේ සියළු ගොඩනැගිලි ලීයෙන් සහ කජන් වහලෙන් යුතු විය…

… මුතු ඇහිලීම කරන ලද්දේ අරාබි හෝ ද්‍රවිඩ කිමිදුම්කරුවන් විසිනි. මේ සඳහා පර්සියාවේ සිට දෝව් මාර්ගයෙන් ආ අරාබීන් 4090ක් වූහ. මෙම දෝව් යාත්‍රා මෙහෙයවූයේ නායකයෙකු හෝ ෂෙයික් කෙනෙක් විසිනි. ඇතැම් මෙවැනි නායකයින්ට දෝව් කීපයක්ම තිබිණි. බහුතරයක් ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ හා මුවර් කිමිදෙන්නන් 4577ක් වූහ. ඔවුන් ස්වදේශිකයින්ට ආවේණික නිරාවරණිත බෝට්ටු වල සිට මුතු ඇහිලීම සිදුකලහ…

‍මෙම සටහන අඩංගු වන්නේ වුල්ෆ්ගේ Growing: An Autobiography of the Years 1904-1911 කෘතියේයි. වාර්තාවට අදාල වර්ෂය වන්නේ 1906යි.

මන්නාරමේ මුතු අැහිලීම පිලිබඳව වුල්ෆ්ගේ මෙම වාර්තාව වඩා මෑත එකකි. ඊටත් ඔබ්බට යන්නේ නම් 17වන සියවසේදී ලංකාවට පැමිණෙන පෘතුගීසි නාවික කපිතාන් ජෝආඕ ද රිබෙයිරෝගේ වාර්තා අතර ද ලංකාව ආශ්‍රිත මුතු ව්‍යාපාරය ගැන විදිමත් විස්තර කීපයක්ම සඳහන් වෙයි. ද රිබෙයිරෝගේ වාර්තා වඩාත් වැදගත් වීමට තවත් හේතුවක් ලෙස දැක්විය හැක්කේ උතුරේ යාපනය-කේන්ද්‍රීය රාජධානිය, එහි පිහිටීම, බල ව්‍යාප්තිය ආදිය පිලිබඳවද විස්තර රැසක් එහි සඳහන් වීම නිසයි. පෘතුගීසි අධිරාජ්‍යය කෝට්ටේ සමග වෙනමත්, යාපනය සමග ඉන් පරිබාහිරවත් ගණුදෙනු කර ඇති බව මෙම කරුණු වලින් ඉස්මතු වෙන කරුණකි.

4496110379_ed859f9c51_b.jpg
මරිච්චුකඩ්ඩිය

මන්නාරම වැනි වුල්ෆ් සඳහන් කරන ආකාරයට විවිධාකාර වුනු පිරිසක් නිතර ආ-ගිය තැනක් — නැතිනම් මරිච්චුකඩිඩිය වැනි “තාවකාලික තත්වාකාර නගරයක්” — අපට වර්තමානයේදී වදදෙන “සිංහල ඒකීය රාජ්‍යය” කතිකාව තුල ස්ථානගත කලහැක්කේ කෙසේද ? බ්‍රිතාන්‍ය පාලනය හරහා අප අත්පත් කරගෙන ඇති පලාත් 9කින් යුතු ශ්‍රී ලංකා සිතියම ඇසුරෙන් පරිකල්පනය කෙරෙන ඒ එක්සත්, ඒක-කේන්ද්‍රීය දිවයින පිලිබඳ චිත්‍රය පළුදු කරන වාර්තා වුල්ෆ්ගෙ  මරිච්චුකඩ්ඩිය වැනි (අපේ ඒ පරිකල්පනයට) පරිධියේ පිහිටන ආඛ්‍යානයන් හරහා මතුවෙයි. 2007 දී පමණ පලකෙරුනු මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව නවකතාව ද පුත්තලමේ කල්පිටියට නුදුරු දූපතක් වෙත අපගේ පරිකල්පනය ගෙන යයි. වෙඩිවර්ධනගේ නවකතාව මගේ සිතට කා වැදුනු ප්‍රධානම හේතුව වන්නේ අප ලංකාව ලෙස පරිකල්පනය කරන ඒ අඹ ගෙඩිය වැනි භූමි ප්‍රදේශයට ඔබ්බෙන් පැය එක හමාරක් පමණ මුහුදට වන්නට පිහිටි ඒ මසුන් මරන්නන් බහුතරය වෙසෙන දූපතේ සමාජ-සංස්කෘතික ගතිකයන්ගෙන් අපගේ ලංකාව පිලිබඳ මහා මිථ්‍යාව නිශේධනය වන නිසයි. බත්තලංගුණ්ඩුව පිලිබඳ වෙඩිවර්ධනගේ කතිකාව මෙන්ම වුල්ෆ්ගේ මරිච්චුකඩ්ඩිය (මෙන්ම 1908 දී ලියවුනු හම්බන්තොට ගැන ලියවුනු) සටහන් ද මෙම පරිධි අවකාශයන් විසින් එක් රටක, එක් අනන්‍යතාවයක කේන්ද්‍රීය, රාජ්‍යවාදී පරිකල්පනයට කරන අභියෝගයට පහසු උදාහරණ දෙකකි.

ඉතිහාසය හා සම්බන්ධ ආඛ්‍යානයන් කියවීමේදී හා දිරිගැන්වීමේදී වඩා බහුමානාත්මක වූ ආකෘතියකට යාමේ වැදගත්කම මෙහිදී ඉස්මතුවෙයි. එක් ස්ථීර, සුවිශාල අඛ්‍යාන ධාරාවක් වෙනුවට ධාරා කිහිපයක හමුවීමක් හෙවත් සම්මන්ත්‍රණයක් දිරිගැන්වීම වඩා සාර්ථක ප්‍රවේශයකි. මෙම සම්මුඛ වීමෙදී පුරා විද්‍යාවට මෙන්ම ජනශ්‍රැතියටත්, සාහිත්‍යයටත්, විවිධාකාරීවුනු ආත්මගවේෂණයන්ටත් ඉඩකඩ ඇති කිරීම සිදුකල යුතුයි. අපගේ පාසල් ඉතිහාස විෂය සකස් විය යුත්තේ “එක් තනි ඉතිහාසයක්” වෙනුවට ඉතිහාසයන් සම්පිණ්ඩනයක් අගයන මූල ධර්මයන් මතයි. මෙම බහුමානය එතනින් නොනැවතී සමාජ අධ්‍යාපනය, ආගම් අධ්‍යාපනය දක්වාද ව්‍යාප්ත කල යුතු දෙයක් ලෙස යෝජනා කල යුතුය. තුලනාත්මක සමාජ හා ආගම් අධ්‍යයනය ඔස්සේ ආගමික සංවාදයකට ඉඩ විවෘත කිරීම කුරානය, බෛයිබලය හෝ ත්‍රිපිටකය සම්පූර්ණයෙන් උගන්වනවාට වඩා වැදගත් කාර්යයක් බව පිලිගත යුතුය. පාසල තිබෙන්නේ “පුළුවන් තරම්” කරුණු උගන්වනවාට වඩා ජීවිතකාලය පුරා (lifelong) ධාවනය වන අධ්‍යාපන-සමාජ කාර්යයක අඩිතාලම සකස් කිරීමට විය යුතුයි.

4496736974_db03e9c4f4_b
අභාවයට ගිය මරිච්චුකඩ්ඩි ඉස්ලාම් දේවස්ථානයක්

අද අපි කොතරම් “ලාංකික” වෙන්නට උත්සාහ කලද වෙනස් හා සමපාත නොවන මතයන් විසින් නැවත නැවතත් ඒ ව්‍යාජ, බිඳෙනසුළු, බිඳවන්න හැකි “”ලාංකිකත්වය” යටින් ඇති විවිධත්වයේ සංකීර්ණත්වය මතුකරයි. ඒ විවිධත්වය නොඇගයෙනතාක් බල කේන්ද්‍රයෙන් කුමන මිත්‍යාවන් ඔබ්බවනු ලැබුවත් ඒ විවිධත්වයේ පදනමින් මතුවන ආතතීන් තුලනය කිරීමට නොහැකි වනු ඇත. එසේ මර්දනය කිරීමට යාමේ වඩාත් ආන්තීය විපරිතය ලෙස සිවිල් යුද්ධ හා රාජ්‍ය විරෝධී කැරලි ආදිය අපට හඳනාගත හැක. එම විවිධත්වයන් හදුනාගැනීම හා ඒවා ඇතුලත්වන ආකාරයේ හර පද්ධතියකට පාර විවෘත කිරීම වඩා සුභදායී ක්‍රියා පිලිවෙතක් ලෙස අධ්‍යාපනය තුලට ගෙන ඒම දැනටමත් ප්‍රමාද වැඩි වුනු අවශ්‍ය කාරණයකි.

The Role of JDS as a Proponent of Multidirectional Memory Among Sinhala Readers.

Journalists for Democracy in Sri Lanka (JDS) is an agent that consists of a group of Sri Lankan journalists in exile. It lobbies as a media interface which, as a more concentrated effort, seems to encourage an alternative platform against hegemonic, state-friendly productions and circulations. Its birth pangs are tied up with the last of the war years: a time when the totalitarian tendency of state control was ruthlessly challenging the parameters of a democratic and civil-minded society in Sri Lanka; a time where alternative — if not opposition — views were quite ill-received, and where para-legal removalists were operating freely in both the north-east and the southern regions of the country. Special categories of armed units were deployed under the aegis of the highest commanding avatars to carry out special, nuanced attacks and ambushes on persons who included many alternative-minded intellectuals, activists, journalists and political moderates. Against such a repressive backdrop, Journalists for Democracy emerges in 2009, being energized by a group who had been forced into exile by state persecution.

featureOver the past decade or so, the work collated by JDS is of crucial significance, both as a body of alternative, counter-hegemonic literature, as well as in its encouragement of exploding grand-narratives of mainstream history. JDS contributes to and maintains a web platform which is conversant in both English and Sinhala.  Of the two, the Sinhala forum is perhaps more articulate and myriad in scope and representation; which, perhaps, is fruitful, as the Sinhala-speaking communities in Sri Lanka has much to benefit from the kind of historical and political intervention JDS has chosen to champion. One of the crucial deficiencies in Sri Lanka — and, in turn, among 80% or so of its Sinhala readers / speakers — is its low political and cultural literacy. This paralysis further debilitates the way in which history is framed for the average Sri Lankan, the way she is taught how narratives are to be read, and overall in framing historical and cultural readings in an island of pluralistic cultures, mythologies, histories, and ways of life.

JDS’s main role seems to be to intervene with hegemonic impositions in areas such as ethnic conflict, the reading of history, extra-judicial excesses and matters of human and social rights. It also preoccupies itself with current political and social developments — more in the way of keeping its reader up-to-date on crises of sorts — but, its chief long-term programme is in counter-hegemonic representation. Some of the key such discursive areas in which JDS has invested itself has to do with extra-judicial excesses during the closing stages of the war and the immediate post-war, state-terrorism (intimidation, kidnapping, assault, white-vanning, disappearances), abuse of state resources and power, judicial due processes (or the absence thereof), and day-to-day abuses by law enforcement agents such as the Police. Between 2009 and the present (2018), JDS has consistently provided analytical essays on a range of issues — ongoing and current — within the above-defined broad spectrum.

maxresdefault (1)
In more recent months, JDS is possibly the only Sri Lanka-related platform that consistently and continually cross-referenced the Mannar mass grave site, keeping the debate alive through updates and shares every time a significant development was made.

The work thus tabled has been of immense importance to a community which is overladen by mainstream journalism that often lacks critical depth and politico-historical nuance. They have, in matters of state violence and abuse, often reached far over and above mainstream media discussions in Sri Lanka. Parallel to such critiques on current developments and crises of ongoing interest, JDS has also triggered a discourse that re-investigates passages of violence and abuse that are dated in the public imagination. Among these are incidents investigated with depth that have not captured the imagination of the Sri Lankan south in any significant way. They are localized in the north and the east of the country which, in spite of paranoid protectiveness, the south often has no imagination of whatsoever. JDS has raised questions of violence carried out against communities, individuals and groups in these marginalized terrains, supported by careful reading and cause for representation. The commitment and dedication JDS often shows in the questions of the Tamil-speaking communities stand out for the simple reason that very few journalistic and literature forums (publishing in Sinhala) have volunteered such representational space.

In a simultaneous trajectory, JDS also re-investigates and re-centers narratives from the late-1980s: narratives within which the role of state terrorism is revised in the run up to and in the duration of the Second Insurrection by the JVP (1987-1990). Specially, being read in 2018, some of the re-narrations of events that took place in 1987, 1988 and 1989 contribute to the somewhat younger readers’ nuanced understanding of that past. To be fair by chroniclers of the 1987-90 insurgency, a palpable body of literature — both pro-establishment and of an alternative nature — has been collected over the past twenty years or so. Apart from memoirs written by the likes of Prins Gunasekara (A Lost Generation: Sri Lanka in Crisis: the Untold Story), Rohitha Munasinghe (එලියකන්ද වඳ කඳවුර, ජවිපෙ සැඟවුනු ඉතිහාසයෙන් බිදක් I & II etc) and Victor Gunathilake (71-89 මතකයන්), the insurrection has also brought into the mainstream a ‘popularized’ imagination based on several work which were initially carried out in serialized form by newspapers. This includes ඇඹිලිපිටිය මිනීමරුවෝ by Kularatne Kurukulasuriya and Prasanna Sanjeewa Tennakoon’s රෝහණ විජේවීර . But, quite often, the rhetoric of journalistic story-telling undermine the objectivity and critical distance in these latter narratives. Of a parallel line to these inquiries is the forensic analysis by Ravindra Fernando who re-investigates the death of Wijedasa Liyanarachchi in The Death of a Lawyer in Police Custody.

Collectively, this body deviates from the ideological and political stance — albeit, an open and unabashedly state-friendly one — adopted by writers who, to this day, are considered  authorities on the Insurrection as a subject: A.C Alles (The JVP 1969-1989), C.A Chandraprema (J.V.P: The Years of Terror) and Rohan Gunaratna (Sri Lanka: A Lost Revolution?).

SRI LANKA-BRITAIN-UNREST-MEDIA-UN
JDS’ commitment as a protester against state-engineered violence has been consistent across conflict zones.

Perhaps, the most comprehensive collation of material on the insurrection in question to date is tabled through Dharman Wickremeretne who, in 2016, published ජ.වි.පෙ දෙවන කැරැල්ල (with a promise of a second volume which is yet to come). In many ways, JDS’ concern with the insurrection years complements with — yet, easily overrides — Wickremeretne’s submission. While Wickremeretne writes as a journalist-reporter — an aspect often seen in his penchant for lists, details, meticulous records etc — JDS anchors on the depth of analysis and the consciousness of working within an ideological frame. Thus, its reading and intervention with the conflict years of 1987-90 is energized by a politics of representation and an analysed defense of human and social rights.

Positions taken by multi-directional memory identify the role of memory as an energy that can be invested across conflicts and situations of violence/trauma, as an inter-sectional fluid that accommodates better understanding of situations of displacement. In the broader Sri Lankan context marred by a catastrophic human and political rights record throughout the 1980s, 1990s, 2000s and 2010s — which were fueled by near-totalitarian manias by any state leader who possessed large parliamentary majorities:  Presidents Jayewardene and Rajapaksa — the literature and the framing strategies proposed by JDS can play a pivotal role in awakening the nation to reading conflict anew. Their writing often defuses extremes and promotes conversation across marginalized histories and narratives. Its vision of centering such dislocated spaces is a necessary first step for any kind of national reintegration or reconciliation.

 

ලෙටීෂියා චායි සිද්ධිය සහ අපේ ඇඳුරා.

කෝනෙල් විශ්ව විද්‍යාලයේ ලෙටීෂියා චායි නැමැති ශිෂ්‍යාවක් තමන්ගේ ඇඳුම විවේචනය කල මහාචාර්ය කෙනෙක්ට මෙන්ම එවැනි පුද්ගලිකත්වය පහරන විවිධ ව්‍යුහාත්මක ව්‍යාධීන්වලට පොදුවේත් විරෝධය පෑමේ අදිටනින් තම යට ඇඳුම පිටින් ප්‍රෙසෙන්ටේෂන් එකක් කරන වීඩියෝව නැරඹූ මට ලංකාවේ විශ්ව විද්‍යාලවල සිටින ශිෂ්‍යයින් මානසිකව හා කායිකව පෙලන ආචාර්ය-මහාචාර්ය (හා එසේ නොවන) ලැයිස්තුවකගේ නම් නැවත ආවර්ජනය වූයේ ඉබේටමය.

Cornell-University-student-presents-thesis-in-bra-underwear-to-protest-against-oppressive-beliefs-1
ලෙටීෂියා චායි

මේ අතර ලෙටීෂියාගේ වීඩියෝව මා නැරඹූ දිනම මා උගත් විශ්ව විද්‍යාලයෙන්ම පසුගිය වසරේ උපාධිය ලබාගත් මා තරමක් හොදින් හඳුනන කෙනෙක් ද වෙනත් කරුණක් සම්බන්ධව මට පණිවුඩයක් එවා තිබුණි. පාසල් සමයේ සිට මම හඳුනන මේ පුද්ගලයා කුඩා අවධියේ සිටම රැලෙන් වෙනස් වන පෞරුෂයක් තිබුණු කෙනෙක් වන අතර, අධ්‍යාපනයේ දී සාමාන්‍ය ශිෂ්‍යයාට එක් තලයක් ඉහලින් සිටි කෙනෙකි. තම පෞරුෂය අඳින-පලඳින විදිහෙන්, තෝරා ගන්නා වර්ණයන් වලින් මෙන්ම ලියන, කියන, පවසන දෙයින් ද, සමාජ-ලිංගිකත්වය හා පවුල වැනි රැලේ උන් රැලේ ආරෙට බලන ඇතැම් මාතෘකා දෙස බලන විදිහෙන් ද මතුවී පෙනිනි. නමුත් වසර 4ක විශේෂවේදී උපාධියකින් පසුව මොහු තරමක පහල ග්‍රේඩ් පොයින්ට් සාමාන්‍යයක්ද, පන්ති රහිත සාමාන්‍ය ඇගයුමක් ද ලබාගෙන තිබුණි. එම ප්‍රතිඵලය මේ පුද්ගලයාට ප්‍රශ්ණයක්ව නොතිබුනත් විශ්ව විද්‍යාලයේ එක් ප්‍රකට මහාචාර්යවරයෙකු අතින් මේ පුද්ගලයා නැවත නැවතත් වසර 4ක් තිස්සේම පීඩනයට ලක් වූ බව කීප දෙනෙක්ම මට පවසා තිබුණි. මීට වසර දෙකකට පමණ පෙර මෙම පුද්ගලයාමත් මට පවසා සිටියේ තමා මානසිකව ඉතාම පහත් අඩියකට වැටී සිටින බවත්, ඊට හේතුව ඉහතකී මහාචාර්යවරයා මුළු පන්තියක් ඉදිරියේ නැවත නැවතත් තමාව සමච්චලයට භාජනය කරන නිසා බවත්, තමාට තම ජීවිතය ගැන පවා ඇත්තේ ඉතාම අපේක්ෂා රහිත, තමා නිකමෙකු ය වැනි හැඟීමක් බවත් ය. මෙම කතාබහ සිදුවූයේ මීට වසර දෙකකට පමණ පෙර කේ.සී.සී හිදී බව මට අද මෙන් මතකය. වෙනස් විදිහකට හිතන, ඉතාම සිරා මාතෘකාවක් වුවත් දඟකාරී ලෙස ඇගයීමකට ලක් කල හැකි පරිකල්පනයක් තිබූ, රැල යන දෙසට පාවීගෙන නොයන පෞරුෂයකින් හෙබි ලෙස මා දැන සිටි මෙම පුද්ගලයාට දැන් මා කුමක් පවසන්නද?

ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය යනු වැඩවසම් ආකෘතියේ කූටාප්‍රාප්තියයි. එහි ඉහල සිට පහලට ඇත්තේ විවිධ ස්ථරයේ පෙලීම් වන අතර අවුරුදු 4ක් ශිෂ්‍යයෙකු ලෙසත්, අවුරුදු 9ක් සේවය කිරීම තුලිනුත්, විශ්ව විද්‍යාලයේ විවිධ අවකාශයන් ආශ්‍රයෙනුත් මෙම පරපීඩකත්වය විවිධ පැතිකඩයින්ගේන් අත්දැකද, අවබෝධ කරගෙනද ඇත්තෙමි. ලංකාවේ බහුතරයක් විශ්ව විද්‍යාල ඇදුරන් මනෝවිශ්ලේෂණවාදය හඳුනන්නේ නැත. ඒ ගැන යමක් දන්නා කීප දෙනාගෙන් බහුතරය එය පිලිකුල් කොට ප්‍රතික්ෂේප කරයි. ඊට ප්‍රධාන හේතුව විය හැක්කේ තම තමන් තුල පවතින ව්‍යාධීන් පිලිබඳව ප්‍රතිබිම්බයක් මනෝවිශ්ලේෂණ මූලධර්ම වලින් කියාදෙන නිසාද යන උපකල්පනය මට නැගී ඇත. ඉහත සදහන් මහාචාර්යවරයාද ව්‍යාධීන් රැසකින් පීඩාවිදියි. ඒවා අපට විශ්ව විද්‍යාලය තුල සිටින අවුරුදු 3-4 තුලදී තේරෙන්නේ නැත. ඒ වන විට අපි නොමේරූ පාසල් හැරදා පැමිණියවුන් වන අතර, මහාචාර්යවරයාද ඇතුළු අධ්‍යයනාංශ බණ්ඩාර ඉඩමේ බිම් සුද්ධ කිරීමට, ඇට පැල කිරීමට, පැල් බඳින්නට යොදා සිටින්නන් වෙමු. වසර 4න් 4ට මෙම වහල් සේනාංක වෙනස් වන හෙයිනුත්, ඒ වසර 4 තුලදීත් වසරින් වසරට යම් ගතිකයක් තිබෙන හෙයිනුත් මෙවැනි දේ ගැන හරි නිරීක්ෂණයක් එහෙමත් සිදුවන්නේ නැත.

0631192433මේ මහාචාර්යවරයා පලමුවරට විශ්ව විද්‍යාලයට පැමිණ අපගේ 60-70 දෙනෙකු පමණ වූ පන්තිය ගැනීමට ආ දිනය මට මතකය. මහා ඇදුරෙකු අපට වාග් විද්‍යාව උගන්වන්නට එනවා යැයි ආරංචි වීම නිසා අපද සිටියේ තරමක කුතුහලයකිනි. මහාචාර්යවරයා පැමිණියේ විනාඩි 15ක් පමණ පමා වී ය. ඔහු තම අත් දෙක පිරෙන්නට එක මත එක තැබූ පොත් 7-8 ක් ද ගෙන හරස් අතට දොරින් ඇතුළුව 33 කාමරයට පිවිසියේය. පන්තිය මීයට පිම්බාක් මෙන් විය. නමුත් ඔහු ගෙනා පොත් 7-8 ඔහු පාඩමට අදාලව ගෙනා ඒවා නොවූවා වැනිය. ඒ 7-8 මේසය මතම වූ අතර ඔහු තම පාඩම කරගෙන ගියේය. ඒ පොත් 7-8 ඔහුගේ චෛතිසික අනාරක්ෂිතබවේ සංඥාවක් ද, පලමු දින පන්තියට පැමිණීමේ නොපලපුරුදුබව සමනය කරගැනීමේ උපක්‍රමයක් ද පමණක් විය.

මහාචාර්යවරයා පෞරුෂ ඇත්තන් හදුනාගෙන ඔවුන්ගේ කොඳු නාරටි බිඳීම ආරම්භ කලේය. තරමක නහරකාරයෙකු ලෙස බොහෝ දෙනා (වැරදියට) අර්ථකථනය කරගෙන සිටි මාද ඇතුළු යම් නිර්මාණශීලිත්වයක් තිබෙන බවට ඉඟියක් ඇති — මගේ බැච් එකේ මෙන්ම මට පසුව විශ්ව විද්‍යාලයට ආ — දිග ලයිස්තුවක් මෙම හෙජමොනික ව්‍යාපෘතියට ලක් විය. වඩා මෑත කාලයේ මෙම පෙලීම වඩාත් තීව්‍රව සිදුවී ඇති බව පසුගිය අවුරුදු 4-5 තුල පමණ විශ්ව විද්‍යාලයෙන් පිටවූ මිතුරන්ගෙන් දැනගත් කරුණු වලින් මට වැටහී යයි. විශේෂවේදී උපාධියේ සිිසුන්, සාමාන්‍යවේදී උපාධියේ සිසුන් හා මිශ්‍ර කොට හවුලේ පන්ති පවත්වා පොදු ශිෂ්‍ය කුලකය තුල විශේෂවේදී ශිෂ්‍යයාගේ ආත්ම ගරුත්වය බිඳීයන පරිදි නිග්‍රහයට පත්කරන අවස්ථා කොතෙකුත් මට ආරංචි වී ඇත. තවද, නාගරික හෝ විෂයේ ප්‍රවීණතාවය අතින් වැඩි ශක්‍යතාවයක් ඇති ශිෂ්‍යයින් පීඩාවට පත්කරමින් වඩා ගම්බද හෝ ප්‍රවීණතාවයෙන් හීන යැයි කිව හැකි ශිෂ්‍යයින්ගේ ඉසිවරයාණ ලෙසද පෙනී සිටියි. මෙසේ එකම පන්තියේ ශිෂ්‍යයින් තියුණු ලෙස බෙදා වෙන් කර තම බල අධිකාරිය පවත්වා ගෙන යන අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන් වැඩවසම් ක්‍රමයක් පවත්වාගෙන යමින් ව්‍යුවහයක් කියා දෙයක් නැතැයි උගන්වයි. වසර දෙක, තුන, හතර මෙම පීඩනයන්ට ලක්වන්නෝ සිටින අතර, බැච් එකක් තුල පවා ඉලක්ක කොට පහරකෑමට ලක්වූවන් ද එමටය. මෙම සටහන මුලදී මා සදහන් කල කෙනා එයින් එක් අයෙකු වන අතර, මෙම සංසිද්ධිය දැන සිටි මට ඒ පුද්ගලයාගේ මානසික කම්පනය හොඳන් තේරුම් ගත හැකි විය. මෙම පුද්ගලයා මම දන්න තරමින් මානසික ප්‍රතිකාර පවා ගැනීමට ආසන්නව සිටි අතර, වසර ගණනකට පසුව දැන් නැවත නිර්මාණකරණයේ යෙදෙයි.

මෙම සටහනට පාදක වුනු මුල් රචනාවක් මා ෆේස්බුක් හි පලකලේ මීට මාස තුනකට පමණ පෙර මැයි 14 වනදාය. මෙය කෙසේ හෝ අදාල අධ්‍යයනාංශයටත් යටකී මහාචාර්යවරයාටත් දැනගන්නට ලැබී ඇත. මා මෙම සටහනේ කිසිදු නමක් සදහන් කර නැතත් මහාචාර්යවරයා ඉලක්කෙටම ඒ අදාල ශිෂ්‍යයා කවුදැයි නිශ්චය කොට ඇයට දුරකථන ඇමතුමක් දී විමසා ඇත්තේ ඇය ඇත්තටම එසේ පීඩාවට පත්වුනාදැයි කියාය. මෙම සටහනින් පසු සති දෙකක් පමණ යනතුරු වෙනත් ශිෂ්‍ය පිරිස් හමුවේදීත් උක්ත සටහන “යුධ ප්‍රකාශ කිරීමක්” ලෙස හුවා දක්වමින් මහාචාර්යවරයා කතාබස් කොට ඇත. පුද්ගල චරිත ඝාතනයකට වඩා මට මෙහිදී වැදගත් වූයේ පවතින ක්‍රමය හමුවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ ඇති අසරණබවත් පිලිසරණක් නොමැති බවත් මතු කිරීමමය.

ඉහත අවස්ථාවට වඩා කීප ආකාරයකින් වඩා දරුණු සිදුවීමක් පිලිබඳ සජීවී උදාහරණයක් මා ලද්දේ මා කලින් සේවය කල විශ්ව විද්‍යාලයක වාග් විද්‍යා ආචාර්යවරයෙකු හරහාය. අවිවාහකයකු වූ මොහු තමන්ගේ අධීක්ෂණය යටතේ නිබන්ධනය කරමින් සිටි අවසන් වසර ශිෂ්‍යාවකට විවාහ යෝජනාවක් කල අතර එම ශිෂ්‍යාව එයට අකමැති වූවාය. ඇගේ නිබන්ධනය භාරදීමෙන් පසුව අහම්බයක් ලෙස ඇයට ඒ සදහා ‘සී’ සාමාර්ථයක් ලැබී තිබුණු අතර ඇගේ අවසන් පාඨමාලා සාමාර්ථය දෙවන පෙල එකක් දක්වා පහත වැටුනි. මගේ අදහසට අනුව නම් අධීක්ෂණයක් යටතේ කෙරෙන ඕනෑම උපාධි නිබන්ධනයකට සී සාමාර්ථයක් ලැබෙන්නේ නම් එය ඒ අදාල අධීක්ෂකවරයාගේ අසමත්භාවය පෙන්වන මිම්මක්ම විය යුතුය. විශේෂ අවස්ථාවකදී හැර ශිෂ්‍යයෙකු උපාධි නිබන්ධනයකට සී-සාමාර්ථයක් ගැනීම වෙන කෙසේ තේරුම් කරන්නද? අදාල ශිෂ්‍යාවට පැමිණිලි කිරීමට තැනක් හෝ පිලිසරණක් නොවිනි. 2:1 සාමාර්ථයකින් තම වෘත්තීය දිවිය අරඹන්නෙකුට හමුනොවන බාධක හා වංගු රැසක් ඇති 2:2 සාමාර්ථය ඇත්තෙකු ලෙස ඇය ඇගේ ඇකඩමික වෘත්තීය ජීවිතය ඇරඹුවාය. ඇයට සී-සාමාර්ථයක් ලබාදුන් ආචාර්යවරයා තම ශාස්ත්‍රපති නිබන්ධනය සම්පූර්ණ කරමින් සිටින අතර සේවයේ ඉහල අක්ෂයන් කරා පියමනිමින් තම වෘත්තීය සුදුසුකම් සපුරලමින් සිටී. ඔහු පසු කලෙක විවාහද විය. මෙම සිදුවීම ඒ අදාල අධ්‍යයනාංශයේ කනිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ ආචාර්යවරුන් පොදුවේ දැනසිටිමුත් ඒ පිලිබඳව සාකච්ඡාවක් සිදුනොවුනි. මා දන්නා තරමින් අදාල නිබන්ධනයේ දෙවන පරීක්ෂකයා වූයේ අදාල අධ්‍යයනාංශ ප්‍රධානාචාර්යවරයා ද වේ.

A L Best Results Devi Balika Vidyalaya Colombo Sri Lanka
මවුවරු, පියවරු සිටින අප රටේ අධ්‍යාපනය තුල අයිතිවාසිකම් හා හඬනැගීම් වලට සමාන ඉඩක් ඇත්ද?

මෙවැනි අපයෝජනකාරී හැසිරීම් ඇති, මීටත් එහා ගිය මානසික ව්‍යධීන් ඇත්තන් සිටින, ඔවුන්ව ආරක්ෂා කර රකින — සහ එවැන්නන් සාමාන්‍යකරණය වූ — තැනක ලෙටීෂියා චායි වැන්නෙක් බිහිවුනොත් එය ද අරුමයකි. මෙහි වඩාත් දුකට හේතුවන කරුණ වන්නේ පීඩනයට පත්වන්නාට කිසිදු ආකාරයේ පිලිසරණක් විශ්ව විද්‍යාල ආකෘතිය තුල නොවීමයි. පැමිණිල්ලක් කරන්නට තබා එසේ සිතෙන්නට වත් අවශ්‍ය හවුහරණක් පද්ධතිය තුල නැත. තම උපාධිය ගැස්සී යාමට වඩාත් වැඩි ඉඩ ඇති හෙයින් කිසිවෙකු එවැනි පැමිණිල්ලකට පෙලඹෙන්නේ නැති තරම්ය. මානසිකව වැටී, තම නිර්මාණශීලීත්වය හා උද්‍යෝගය අවතැන් වී කොහොම කොහොම හරි පන්ති රහිත සාමාර්ථයක් ගෙන හෝ විශ්ව විද්‍යාලයෙන් පිටවීමටත්, තම ගුරුවරුන් ගැන උපේක්ෂාවෙන් බලන්නටත්, ඔවුන්ගේ ඉක්මන් මරණය පතමින් ජීවිතයේ ඉතුරු ටික ගෙවන්නටත් පමණක් ඔවුන් මහන්සි වෙති.

විශ්ව විද්‍යාලය හා අද ලංකාවේ අධ්‍යාපනය තුල පන්ති සැකැස්ම.

සිංගප්පූරුව, මැලේසියාව හා ඉන්දුනීසියාව — ක්වාලා ලම්පූර්, ජකාර්තා ( “ෆෝර් බිස්නස්”), බාලි (“ෆෝර් ලෙෂර්”) — අපේ පහල මධ්‍ය පන්තියෙන් ඉහල මධ්‍ය පන්තිය දෙසට දෝලනය වන මනස් වලත්, ඒ රාමු දෙක අතර විවිධ තැන් වල සිකුරුටි හා කම්කරු වැඩ කරන අයගේ මනස්වලත් ඇඳි අපූරු සිහින චිත්‍ර තුනකි. තම ඉහල (පැත්තට එන) මධ්‍යම පන්තියේ වැටුප් වලින් පහසුවෙන් ගොස් එන්නට පුළුවන් පිටරට නිවාඩුවත්, තම පහල මධ්‍යම පන්තික මිතුරන්ට ෆේස්බුක් ඔස්සේ පෙන්වා සතුටු විය හැකි මහා පරිමාණ ගොඩනැගිලිත්, තම මධ්‍ය පන්තික මිතුරන්ට පෙන්විය හැකි (ඔවුන් නොලබන) අර්චනකාමී නිදහසක, නිවහල් භාවයක ප්‍රකාශනයක් ලෙස එම පන්තිය සලකන ස්විම් සූට් හා බට් ෂෝර්ට් පින්තූර රිසිසේ ගනිමින් ඒවා අප්ලෝඩ් කරන අතර චේන් රෙස්ටොරන්ට් එකකින් සලාදයක් කමින් එහිද පින්තූරයක් ඉන්ස්ටාග්‍රැම් දැමිය හැකි, තම පන්තියට දැරිය හැකි සංස්කෘතික ආර්ථික ත්‍රිකෝණය වන්නේද මෙම රටවල් ත්‍රිත්වයයි.

මෙය පාන්තික අවකාශයක් වන්නේ, මධ්‍යම පන්තියෙන් ඉහල ස්ථරයන්හට රට යන එක හෝ — රට ගියත් මැලේසියාවට හෝ ඉන්දුනීසියාවට යෑම — මහා ලොකු දෙයක් නොවන නිසාත්, අයිෆල් කුළුනේ මුදුන ඇල්ලීම, ඇලවෙන පීසා කුළුන කෙලින් කරන්න උත්සාහ කිරීම වැනි දෙයින් එහා සංසකෘතික-ආර්ථික අවකාශයක ඔවුන් සැරිසරන නිසාය. බට් ෂොර්ට් එකක් ඇඳීමට ඔවුන්ට සිංගප්පූරුවට යා යුතු නැත. එමෙන්ම තම විදෙස් ගමන් ගැන පුරාජේරු කතා කීමටත්, එම ගමන් යාමට ක්‍රය ශක්තියක් නොමැති තම මිතුරන්ට ඔවුන්ගේ ඒ අඩුව පෙන්නා තමන්ගේ අඩුව ද පෙන්නීමේ අඩුවක් ද එම අවකාශයෙන් ඔවුන්ට නොපැවරේ. මධ්‍ය පාන්තික ප්‍රවණතාවයක් ලෙස මෙසේ මැලේසියා-ඉන්දුනීසියා-සිංගප්පූරු යන්නෝ ඉතා මෑත එකකි. එය එක්තරා ආකාරයකින් පසුගිය වසර 15-20 පමණ පුරාවට මධ්‍යම පන්තියේ ප්‍රසාරණයත් එය තාක්ෂණ-ධනවාදය හා අනන්‍ය වන ආකාරයත් කැටි කොට දක්වයි. එමෙන්ම ගෝලීයකරණය වන විශ්වයක මධ්‍යම පන්තික අවශ්‍යතා හා අපේක්ෂාවන් ගැනද යම් කියවීමක් ලබාදෙයි.

NSBM1
එන්.එස්.බී.එම් පාඨමාලා දැන්වීමක්

මෙසේ මධ්‍යම පන්තියේ පහල තැන්වල සිට මධ්‍යම පන්තියේ ඉහල ස්ථාන දෙසට දෝලනය වන හා එවැනි ස්ථානවලට ලඟාවීමට අපේක්ෂාවන් පොදිබැඳගත්තවුන් ගැන අවධානය යොමු නොකරම බැරිය. විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රතිපත්තීන් පවා සිංගප්පූරුව-මැලේසියාව හා ඉන්දුනීසියාව කේන්ද්‍ර වූ සිහින සමාජය මත ඔබ්බවන්නේ එක්කෝ අපගේ දේශපාලකයින්ද තම චින්තනයෙන් මා ඉහත අර්ථ දැක්වූ ධාරාවේ වියයුතු නිසාය. නැතිනම්, තමා ආමන්ත්‍රණය කරන විශාල මධ්‍යම පාන්තික කට්ටියේ මනෝභාවය ඔවුන් හොඳින් හඳුනගෙන ඇති නිසා වියයුතුය. ඉහල මධ්‍යම පන්තිය වෙත දෝලනය වන්නාට ඉන්දුනීසියාවේ-මැලේසියාවේ වැනි අහස් මාලිගා, සිංගප්පූරුවේ වැනි ආර්ථිකයක්, ක්වාලා ලම්පූර් වැනි රාත්‍රී දර්ශන, ලී ක්වාන් යූ වැනි නායකයෙක් ආදී වූ මනස්ගාත වල ඇත්තේ විශ්මය හා අපූර්වත්වයයි. ඒ ඔවුන් සිටින, ඔවුන්ගේ මනස වර්ධනය වී ඇති මට්ටම හා සමපාත වන ලෙසයි. ඒ ඔවුන්ගේ සමාජ, සංස්කෘතික පරිකල්පනයේ ඉසව්වයි.

ලංකාවේ අධ්‍යාපනය නිදහස් සිද්ධාන්ත මත ගොඩනැගී ඇතත් එය පාන්තික අධ්‍යාපනයකි. ජනප්‍රිය පාසල්වල කුඩා කල සිට ඉගෙනගත් අයට මෙය ඒ ආකාරයෙන් අදාල නොවුනත් අධ්‍යාපනය පොදුවේ ගත් විට පාන්තික ධූරාවලියක ඉහලට යන්නට වලිකන, ලංකාවේ සිට මැලේසියාවටත්, එතනින් යුරෝපයටත් දිවෙන කර්කශ සේද මාවතකි. මෙම විපරිත පාන්තික අරගලය අතරේ ඉහල පැලැන්තියට අනූන අධ්‍යාපන ආයතනද ඒ පන්තියේ පරාමිතයන් තුල වෙන් කර තබාගැනීමට සමාජය හසුරුවන්නන් සමත් වූ අතර, වෙනස් වන අධ්‍යාපන අවශ්‍යතා අනුව ජාතික අධ්‍යාපන මූලධර්ම වලින් පිට, විශේෂ ප්‍රස්තාරයක රඳවාගත හැකි අළුත් පාසල් වර්ගයක්ද 1980දී පමණ අධ්‍යාපන සිතියමට එක් විය: ඒ ජාත්‍යන්තර පාසල් ලෙසය. මෙම පාසල්වල ඉගැන්වුනේ ජාත්‍යන්තර විෂය මාලාය. ඒවායේ අධ්‍යාපනය ලැබූවෝ මෙරට විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තු නොවූ, මැලේසියාවට යාමටත් නොසිතූ, යුරෝපය හෝ ඇමරිකාවේ වැඩිදුර අධ්‍යාපනය ලබන්නට උපතින්ම දෛවය ලියවී සිටියෝය. එවැනි අධ්‍යාපනයක් ඔවුනට ලබාදීමට ඔවුන්ගේ දෙමව්පියන් ද සැදී පැහැදී සිටි අතර පාන්තික අර්ථයෙන් ඔවුන්ගේ ගේ-දොර සුද්ධ කිරීමට, වාහනය එලවීමට, මිදුලේ තණකොල කැපීමට හෝ බැලමෙහෙවරකම් කිරීමට ඉපදුනු අයෙකුගේ දරුවන් සමග තම දරුවන් අධ්‍යාපනය ලැබිය යුතු යැයි නොසිතූහ. කන්නංගරගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මීටර් 400 සීමාවට පැමිණියේ මෙතනදීය.

අද වන විට කොළඹ ජාත්‍යන්තර පාසල, ආසියානු ජාත්‍යන්තර පාසල හා කොළඹ බ්‍රිතාන්‍ය පාසල වැනි ඒ-ශ්‍රේණියේ ජාත්‍යන්තර පාසල් (හෙවත් නියම, සුද්දාගේ ජාත්‍යන්තර පාසල්) බිහිවී වසර 35-38ක් පමණ ගෙවී ඇත. මෙම කාලය තුල ලංකාවේ “ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනය” ඉහල මධ්‍යම පන්තිය තුලට ක්‍රමයෙන් ආසෘතිය වී පන්ති අර්ථයෙන් පහල මධ්‍යම සිට ඉහල දෙසට දෝලනය වන්නන්ගේද භූමි කලාපයටද, සංක්‍රමණයකටද හසුවූ (එය සංක්‍රමණයට වඩා ආදරයෙන් පිලිගැනීමකි) “අධ්‍යාපන විකල්පයක්” බවට පත්වී ඇත. ජාතික පාඨමාලාවට අකමැති ජාත්‍යන්තර පාඨමාලාවට කැමති සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරුවන්ගේ ලමුන්ට එහෙමත්, ජනප්‍රිය පාසල් සටනින් පරාද වූ දෙමව්පියන්ගේ දරුවන්ට එලෙසිනුත්, සාමාන්‍ය පෙල දක්වා ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය දීමට කැමති දෙමව්පියන්ට ඒ ලෙසිනුත්, “ලඟම පාසල හොඳම පාසල” යැයි සිතන දෙමව්පියන්හට ඒ උන්නතිකාමී අදහස මුදුන්පත් කරගැනීමටත් ආදී ලෙස මෙම ක්ෂුද්‍ර (ශුද්‍ර) ජාත්‍යන්තර පාසල් ව්‍යාපාරය වඩ වඩාත් ජනප්‍රිය වෙමින් ක්‍රියාත්මක වේ. ක්‍රමක්‍රමයෙන් පළල් වන මෙම ජාත්‍යන්තර හා ජාතික-ජාත්‍යන්තර ගන්ධබ්බයේ තිබෙන මෙම පාසල් වලින් පිටවන දරුවන්ටද උසස් අධ්‍යාපන වරම් හිමිවිය යුතුය. පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීමේ හා “අධ්‍යාපනයේ නිදහස සුරැකීමේ” සටන එලියට එන්නේ ඔතැනිනි.

l_sri_lanka_education_06022017_1
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සිසුන් ඉදිරිපත් වන අවස්ථාවක්.

මෙම සටන පන්ති සටනකි. පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය යැයි කියන බහුතරයට අවශ්‍ය වන්නේ අධ්‍යාපනය ලැබීමට පන්ති අවකාශයකි. එය රාජ්‍ය විශ්ව විද්‍යාලයක අවකාශය නොවිය යුතුය. රාජ්‍ය විශ්ව විද්‍යාලය තම පන්තිය හා අනන්‍ය නොවන, අනන්‍ය කල නොගත යුතු පන්තිමය අනෙකෙකි. එහි චින්තනය ග්‍රාමීයය, පසුගාමීය, පහල මධ්‍යම පාන්තිකය. ලහිරු වීරසේකර හා තම පන්ති අභිලාෂයන් එක් ලක්ෂ්‍යයකට ඒමට අවම වශයෙන් තව පරම්පරාවක් හෝ ගතවනු ඇත. ටැම්පිටියේ හිමියන්ගේ පන්ති අභිලාෂය තම අභිලාෂයන්ට වඩා අඩුම තරමින් එක් පරම්පරාවක් හෝ පසුපසිනි. ශිෂ්‍ය ව්‍යාපාරය රාජ්‍ය විශ්ව විද්‍යාලවල කුල්ටූරයන් හා අලයින් සොයති. පෞද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් කුල්මත් වී සිටින්නන් ඒ අලයින්ටද අලයෝ වෙයි. පෞද්ගලික උපාධි ආයතනවල තම පන්ති සගයන් සිටින, ඔවුන් සමග මනසින් රමණයේ යෙදෙන නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාලයකටද තමා සුදුසුකම් ලබා ඇති නිසා තම පංචස්කන්ධය එයට දක්කන ව්‍යාකූල අලයින්ද ඒ අතර සිටිති. පසුගිය වසර දහය තුල අප දන්නා හඳුනන අධ්‍යාපන විශ්වය වෙනස් වී ගෙන යන්නේ මේ ආකාරයටය.

රාජ්‍ය අධ්‍යාපනය වඩා තීව්‍ර ලෙස පන්තිවාදි ලෙස විභේදනය කරමින් යන බව නොපෙනෙන්නේ නම් ගැටළුවකි. උදාහරණ ලෙස රෝයල් ඉන්ස්ටිටියුට් වැනි ආයතන හරහා (හා වෙනත් පෞද්ගලික ආයතන හරහා) ලබාගන්නා නීති උපාධිය නිසා වෙනමම පැලැන්තියක නීතීඥයින් පන්තියක් බිහිවෙමින් තිබෙන අතර මින් සැලකිය යුතු පිරිසක් ස්වභාෂාවෙන් උගත්, රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් පිටවූ නීති උපාධිධාරීන් හා පාන්තික අර්ථයෙන් අනන්‍ය වන්නේ නැත. වඩාත් ඇති-හැකි නාගරික ඉහල මධ්‍ය පාන්තික පවුල් වලින් ලංකාවේ වඩාත් ප්‍රභූ ක්ෂේත්‍රයක් ලෙස සැලකෙන නීති ක්ෂේත්‍රයට එන මොවුන්ගෙන් ඇතැම් අයගේ දෙමව්පියන් ද ප්‍රභූ වෘත්තිකයින් ය. ඔවුන්ගේ හයි හත්තියද ඇතිව ඉතාම ඉහල තැන්වලින් ලබන මූලික පලපුරුද්දත් ඇතිව මොවුන් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඒ යටකී ප්‍රභූ නීති ක්ෂේත්‍රයේ උස්-පහත් විභේදනයක් ඇති කරමිනි. ඉංග්‍රීසි භාෂණයත්, පාන්තික පසුබිමත් නිසා මොවුන්ට වඩා පහසුවෙන් වෘත්තියේ ඉදිරියට යා හැකි, ස්වභාෂිතයාට නොඇරුනු ඉඩ ප්‍රස්ථා හා අවස්ථා විවෘතය. කලා විෂය ධාරාවේ ඉහලම ලකුණු ගන්නාට හිමිවන එක් දිස්ත්‍රික්කයකින් 20ක් පමණ වන සීමිත ප්‍රවේශයක් ඇති නීති අධ්‍යාපනය අවසනදී ප්‍රභූ දරුවා හා මුන ගැසෙන තරුණ නීතිඥයා ඉදිරියේ ඇත්තේ සැමටම පොදු වූ — නාගානන්දගේ භාෂාවෙන් — “පරමාධිකාරී බලය” නොවේ.

මෑතක අධ්‍යාපන ඇමති විජේදාස මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පෞද්ගලික උසස් අධ්‍යාපනය අවශ්‍ය බවත් එය රජයේ අදහසද බවත් ය. එම අදහස සාධාරණීකරණය කිරීමේදී ඔහු පවසා සිටියේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඇති නවකවදය වැනි අභ්‍යන්තර ගැටළු නිසා ඇතැම් සිසුන් විශ්ව විද්‍යාලයට යාමට මැලිවන බවත් ඒ සදහා විකල්පයක් ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල දිරිගැන්විය හැකි බවත් ය. මෙම ප්‍රකාශයේ ඇති ප්‍රශ්ණය අමුතුවෙන් පැහැදිලි කලයුතු නැත. ප්‍රතිපත්ති සම්පාදකයෙකු වශයෙනුත්, අධ්‍යාපනය ගැන චින්තකයෙකු ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන අදහසක් ඇත්තෙකු ලෙසත් මේ දේශපාලඥයාගේ අපරිනත බවක ඇත්තේ යැයි සිතිය නොහැක. ඒ ඉදිරිපත් කල අදහස ආශ්‍රයෙන් අපට සිතාගත හැක්කේ අධ්‍යාපනය කොටස් කිරීමේදී පන්ති විඥානයක් ලෙස නාගරික ඉහල මධ්‍යම (හා එදෙසට යොමු වී ඇති) පන්තිය කෙතරම් තීරණාත්මක ලෙස සමස්ත ව්‍යුහයම අතික්‍රමණය කොට ඇත්ද යන්නයි.

මෙහිදී රාජ්‍ය විශ්ව විද්‍යාලවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිරිහී ඇතිනම් එය සාක්ෂාත් කරගැනීමට වඩා පරිපාලකයාගේ අවධානය යොමුවන්නේ එක්තරා පන්තියක සුරක්ෂිතතාවය වෙනුවෙන් විකල්ප අධ්‍යාපන ප්‍රදේශයක් ඇති කිරීම කෙරෙහි ය. මෙය සද්භාවයෙන් යුතුව කෙරෙන ප්‍රකාශයක් නොවේ යැයි සිතුනත්, පෞද්ගලික උසස් අධ්‍යාපනය දිරිගැන්වීමට විශ්ව විද්‍යාල තුල වන ප්‍රචණ්ඩත්වය ආධාරකයක් කරගැනීමෙන් ගම්‍ය වන්නේ කුමක්ද? විශ්ව විද්‍යාලය පසුගාමී සමාජ ස්ථරයක නියෝජනයක් ලෙස සාමාන්‍යකරණය කොට වඩා “ප්‍රගතිගාමී” යැයි රාජ්‍යය සිතනා සමාජ / පන්ති පිරිසකට එයින් විමුක්ත වූ අධ්‍යාපන අවකාශයක් සලසා දීම නොවේද?

රාජ්‍ය අධ්‍යාපනය දරුණු ලෙස සෝදාපාළුවීමට ඇති ඉඩකඩ වඩාත් නිවැරදිව හඳුනාගත යුතුය. ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පහල මධ්‍යම පන්තියේ අධිකාරියක් වී, එවැනි සීමිත හැසිරීමක ගෝචරභාවය ලැබූ, වඩාත් පටු සීමා මායිම් සහිත, ලෝකය දෙස නොඇරුනු, ඇරෙනු නොහැකි, තුන්වන පන්තියේ රාජ්‍ය හා ප්‍රතිපත්තිමය අවධානයක් ලබන, සීමාසහිත ග්‍රාමීය සංස්කෘතියක රඟමඩලක් ව, නූතනත්වයෙන් හීන, දැනුමින් දුෂ්පෝෂිත, බහුවිධතා නොඉවසන ආදී වූ අවකාශයක් ලෙස අංශභාගයට පත්වීම අපගේ ජීවිත කාලය තුලදීම සිදුවනු වලක්වාගත නොහැකි වන්නටද ඉඩ ඇත. මේ සමස්ත සටහන පුරාවට මධ්‍යම පන්තියේ දෝලනය සැලකීමෙනුත්, ඒ විකාශනය අප අත්දකින සමාජ-ආර්ථික යථාර්ථය බලගන්වා ඇති ආකාරයෙනුත් පන්තිමය වශයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල පත්වී ඇති ඉරණම තේරුම් ගත යුතුය.

ext
කොළඹ විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි සමතුන් පිරිසක්

මෙහි වඩා ආසන්නතම මෙන්ම වඩාත් පරමාදර්ශී උදාහරණය නොබෝ දින සිදු වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලය වසා දැමීමෙන් උපුටා ගත හැක. මෙම වසා දැමීමට පාදක වී ඇත්තේ ඉංජිනේරු පීඨයේ විභාග වර්ජනයත්, එදිනෙදා ජීවිතයට ඒ වර්ජිත සිසුන් එල්ලකල බාධාකාරීබවත් යැයි පැවසේ. වර්ජනයට හේතුව වී ඇත්තේ විෂය දෙකක් සම්බන්ධව ඇති වී ඇති කාලසටහන් ගැටුමකුත්, එම ගැටුම නිසා නිර්දේශිත 80%ක පැමිණීම සම්පූර්ණ නොවූ සිසුන්ට විභාගය ගැනීමට පාලනාධිකාරිය ඉඩ නොදීමත් ය. මේ ගැන එක් සටහනක මා දුටුවේ කාලසටහනේ ගැටුමක් තිබුනත් එම විෂය සංයෝජනය සහිතව තම විෂය සැකැස්ම සාදා ගැනීමට මෙම සිසුන්හට මුලදී අවසරය ලබා දී තිබුණු බවය.

පවතින කාලසටහන් ගැටළුව සම්බන්ධයෙන් එය නොවිසඳා එම විෂයන් දෙකටම ඉදිරිපත් වීමට එසේ අවසරයක් ලබා දුන්නා නම් එය පරිපාලනයේ වැරැද්දකි. නමුත් එක විෂයකට අදාලව දේශනවලට සහභාගී නොවී සිට විෂයට අදාල විභාගයට පෙනී සිටින්නට ඇතැම් සිසුන් සිතුවේ යැයි අපි උපකල්පනය කලහොත් එතනද ඇත්තේ ගැටළු කීපයකි. ඉන් එකක් වන්නේ ශිෂ්‍යයාගේ ශාස්ත්‍රෝත්ග්‍රහණය හා ඉගෙනුම් ක්‍රියාවලිය හා බද්ධ වීමේ ගැටළුවකි. තවද, සටහන් පාඩම් කිරීමෙන් විභාගයට පෙනී සිටීමට තරම් ආත්මශක්තියක් වැඩෙන මට්ටමට එම ඉගෙනුම් ක්‍රියාවලිය දියාරු වී ඇති බවකි. වඩා වැඩි විෂය ගණනක් ඇති ශාස්ත්‍ර පීඨයේ කාලසටහන් ගැටුම් අමුතු දෙයක් නොවේ. එවැනි අවස්ථාවක ප්‍රායෝගික ශිෂ්‍යයා කරන්නේ ගැටුම් අවම වන ලෙස තම විෂය වරණය සකසා ගැනීමයි. ඉංජිනේරු පීඨයේ තත්වය ගැන වැඩි අවබෝධයක් නැතත් විභාග වර්ජනයක් යනු ඉතාම දරුණු පියවරකි. මෙම වර්ජනය අතරතුර විශ්ව විද්‍යාලයේ සනාතන ගොඩනැගිල්ල ආශ්‍රිතව වොලිබෝල් ගසමින්, ක්‍රිකට් ක්‍රීඩා කරමින්, ඒ දුර්ලභ ඡායාරූප ඇල්බම්ගත කරමින් සමාජ මාධ්‍යයටද මුදාහැරීමට මෙම වර්ජනයේ කතෘ ශිෂ්‍ය සංගමය කටයුතු කරනු දුටුවෙමි. ඡායාරූප අඩංගු මා දුටු ඇල්බමයේ ටයිටලය වූයේ “අඛණ්ඩ විභාග වර්ජනය – දොලොස්වන දිනය” යන්නයි. මේ සම්බන්ධව මාගේ මිතුරියක් ලිවූ කර්කශ විවේචනයක් ද ඒ සමගම කියවූවෙමි.

44
පේරාදෙණිය වත්මන් උපකුලපති තුමා

විශ්ව විද්‍යාලයේ සංස්කෘතික පරිහාණිය මෙම සමස්ත සිද්ධියෙන් කැටිකරගත හැක. මෙම සිද්ධිය වලකා ගැනීමට හෝ එයට විසදුමක් දීමට පරිපාලනය අපොහොසත් විමේ සිට ශිෂ්‍යයින්ගේ අ-සංස්කෘතික හැසිරීම දක්වා ඇත්තේ සෝදාපාළුවේ ලක්ෂණ වේ. පේරාදෙණිය යනු ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ වඩාත් ප්‍රභූ හා ප්‍රෞඬ වූ අයිකනයයි. මෙම විභාග වර්ජනය සමග දියත් වූ “එදිනෙදා කටයුතු වලට බාධා කිරීම” හරහා විශ්ව විද්‍යාලය වසා දමන තැනට පාලනාධිකාරය පත්වන්නේ නම් එතනින් එහාට කුමක් කල යුතුද? විශ්ව විද්‍යාලය අඩුවෙන් ඇසුරු කරන, තම වෘත්තීය ඉලක්ක වලට මුල්තැන දෙන, අභියෝග හා අඩුවෙන් අභිමුඛ වන, නිලධාරිවාදී විශ්ව විද්‍යාල බලධාරීන් මෙන්ම හීන සංස්කෘතික පැවැත්මකින් යුතු, පොදු සමාජ අවකාශ භාවිතය ගැන වගේ වගක්නැති, ඕනෑම සමාජ අවකාශක් තම නින්දගම හෝ වැසිකිලිය ලෙස භාවිත කල හැකි යැයි සිතන ග්‍රාමීය අතදරුවන් පිරිසක් අතර වන (සමාජ) සංසර්ගයේ ප්‍රතිඵලය මෙයයි.

මේ සියල්ල අතර සමාජය ගමන් කරන සමස්ත දිශානතිය විශ්ව විද්‍යාලයට නගරයට පිට සිට එන, අඩුවෙන් ඉංග්‍රීසි කතාකරන, ඉංග්‍රීසි ශාස්ත්‍රීය පොත් නොකියවන (හෝ කියවීමට නොහැකි), පහල මධ්‍යම පන්තියට හීන පන්ති අවකාශයක හැසිරෙන, සංසකෘතික අවකාශයන්ට විවෘත නොවූ, තම ගෝත්‍රය තුලම වැඩවසන රාජ්‍ය විශ්ව විද්‍යාල බහුතරයට ග්‍රහණය නොවේ. මෙය ශිෂ්‍ය මෙන්ම ආචාර්ය ප්‍රජාවටද පොදු තත්වයකි. “විශ්ව විද්‍යාලය” අද පුංචි “ගමක්” වී ඇත්තේ එලෙසටය. එය මෙලෙස කෘශ වී යෑම අප කාටත් වලක්වාගත නොහැකි වූ ශතවර්ෂ භාගයක පමණ පරිනාමයක වත්මන් අවස්ථාවයි. අප ඉදිරියට ඇති දශකය වැනි කාලය වෙන්වනු ඇත්තේ එසේ ගමක් බවට පත් වූ විශ්ව විද්‍යාලය පහල මැද හා ඊට හීන පන්ති අවකාශයන්හි කාර්මික හා වෘත්තීය පුහුණු ආයතනයක් වන ආකාරය පිලිබඳ සජීවී / ජීවමාන කියවිමකටයි.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සිදු නොවිය යුතු සිය රටේ ගෙල සිඳ ගැනීම්, හෙවත් ප්‍රියංක ෆර්නැන්ඩෝ සිද්ධිය.

ලංකාවේ 70 වෙනි නිදහස් දිනය උදා වූයේ ලක් ගුවනට තවත් වීර තරුවක් උදා කරමිනි. ඒ බ්‍රිගේඩියර් ප්‍රියංක ෆර්නෑන්ඩු නම් ලංකා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට අනුයුක්ත කර සිටි හමුදා නිලධාරියායි. නිදහස් දිනය දා තානාපති කාර්යාලය ඉදිරිපස වූ ලංකා විරෝධී උද්ඝෝෂණයකට මෙම නිලධාරියා ප්‍රතික්‍රියා දැක්වීම නිසා ජාත්‍යන්තර ආන්දෝලනයක් ද, දේශිය වශයෙන් උන්මාදයක් ද ඇතිවිනි. මොහුගේ සේවය අත්හිටවා, නැවත සිටරට කැඳවා පුළුල් පරික්ෂණයකට පිඹුරුපත් සැකසුනත්, ජනපති උපදෙසින් එය නිශ්ක්‍රීය කෙරිනි. පෙබරවාරි 10 වනදා පැවැති පුංචි ඡන්දයෙන් පසුව මෙතුමා නැවත ලංකාවට කැඳවිනි. ඒ වන විටත් ලංකාව දරුණු රාජ්‍ය තාන්ත්‍රීය අර්බුදයකට නිරාවරණය වී තිබූ අතර ලිඳ තුල දේශප්‍රේමය වඩන වුන් වෙනත් මාතෘකාවකට ප්‍රවේශ වී සිටියහ. ෆර්නෑන්ඩු මහතා සමග සෙල්ෆියක් ගත් ශ්‍රීලංකා ගුවන් සේවයේ සේවිකාවන් එම පින්තූරය තම ෆේස්බුක් කවර් පේජ් එක කර ගුවනට මුදාහැර තිබිනි. මේ සටහන ලියවුනේ ෆර්නෑන්ඩු මහතා හා සිද්ධිය සිදු වුනු අළුතමය:

c7229d688824719a1933caf8d2dabe94_XL

ප්‍රියංකර ෆර්නැන්ඩු නම් “කොඩිය පෙන්නූ” හමුදා නිලධාරියා ගැන කතාවත්, ඔහු උත්කර්ෂයට නගන මා අවට ඉන්න එෆ්.බී මිතුරනුත් දුටි විට මට මතක් වූයේ 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන්නට ආ වෙලේ පැවැත්වූ සමුදීමේ ගාර්ඩ් ඔෆ් ඔනර් එක අවස්ථාවේ අගමැති රජීව් ගාන්ධි පසුපස හඹා ගොස් තම සේවා රයිෆලයෙන් ඔහුට පහර දීමට උත්සාහ කල (පහර දුන්) රෝහණ විජිත් විජයමුණි නාවික හමුදා භටයා යි.

මෙම “විරෝධය පෑම්’ දෙකට පාදක වන තත්වයන් දෙක සන්සන්දනය කල නොහැකි වුවත්, එදා විජයමුණිත් බොහෝ අයෙකුට වීරයෙකු විය. වීරකම පෑමේදී “කල යුතු” හෝ දිනිය යුතු ඉලක්කගත ක්‍රියාකලාපට අනුව නම් ගෞරව උපහාර අවස්ථාවකදී කලාපීය බලවතාගේ රාජ්‍ය නායකයෙක් ප්‍රහාරයකට ලක් කිරීම වඩා උද්වේගකාරී ක්‍රියාව බව යෝජනා කල හැකි වුවත්, ලෝකය පිලිගත් තානාපති සම්ප්‍රදායන් හා හමුදාව පිලිගත් නීති, අණ පණත් අනුව නම් එහිදී සිදුවන්නේ රෙගුලාසි බිඳීමක් බව අමුතුවෙන් කිව යුතු නැත. එදා ඒ නාවික සෙබලාට ද වූයේ සිරබාරයට ගෙන, කරුණු විමසා, ඒ ඒ පවතින නීති අනුව සිර දඬුවම් විදින්නට ය. පසුව ඔහු නිදහස් ව, ක්‍රියාකාරි දේශපාලනයට පැමිණ, අද පවා පරිධියේ දේශපාලන කටයුතු වල නියැලෙයි. නක්ශාස්ත්‍ර කටයුතු වල නියැලෙයි.

වැදගත් කරුණ මෙයයි. බ්‍රිතාන්‍යයේ පැවැති නිදහස් සමරුවකට සමගාමීව “ඊලාම් හිතවාදී” යැයි අපි පොදුවේ හදුන්වන පිරිසක් කල උද්ඝෝෂණයකට පිටින් සිට කොඩිය පෙන්වීමත්, බෙලි කපන සංඥා නිකුත් කිරීමත් අපේ ග්‍රාම්‍ය විඥානයට මහා වීරකමක් වුවත්, අන්තර්ජාතිකව රටවල් ගනුදෙනු කරන පොදු ව්‍යවහාරයන් හා බලන විට පිලිගන්නට නොහැකි යයි තර්ක කල හැකි ක්‍රියාකාරකම් ය. මූලික වශයෙන්, මෙම නිලධාරියා ලංකාවේ තානාපති අංශයට අනුයුක්ත කර සිටීමත්, ඒ අංශය බ්‍රිතාන්‍යයේ ලංකා නියෝජිතයා වීමත්, සාමාන්‍යයෙන් ඕනෑම රටකට යවන තානාපති එරට දී තම නියෝජිත රටේ රාජ්‍ය නායකයා හා සමානව සැලකීමත් මෙහිදී සලකා බැලිය යුතුය. දෙවනුව, අප රටේ උද්ඝෝෂණ, පෙලපාලි වැනි සාමකාමී විරෝධය දැක්වීම් උපරිම බලය යොදා පෙලද්දී අවශේෂ ජනයා සතුටු වුවත්, එසේ විරෝධය පෑම විශ්වීය ව පිලිගත් අයිතියක් වීමත්, එය සාධාරණ වුවත් නැති වුවත් තම දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් පෙනීසිටීමට ඕනෑම කණ්ඩායමකට ඉඩකඩ තිබීමත් ද සලකා බැලිය යුතුය. ඒ සදහා ජාත්‍යන්තර මට්ටමේ අවකාශයන් පවතින අතර ඒ අවකාශය තුලදී ගමේ බෝක්කුව අසල දී කරන වැනි වැඩ අර්ථකථනය වන්නේ වෙනස් ආකාරයකටය.

5a799789dda4c842778b4582
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ දී නොවිය යුතු තම රටේ ගෙල සිඳ ගැනීම්.

ඉතින්, මේ නිලධාරියාගේ වැඩ (තාවකාලිකව?) තහනම් කිරීමත්, ඔහු ගැන පරීක්ෂණයක් කැඳවීමත් උපේක්ෂාවෙන් බැලිය යුතුය. එය ලංකා තානාපති අංශයේ ලිංගික බෙලහීනතාවයකට වඩා, නොසිතමින් (හෝ අඩුවෙන් සිතූ මොහොතක) වූ “නොවිය යුත්තකට” ප්‍රතිකර්මයක් ලෙස ගත් මුල් පියවරකි. වඩා නාටකීය කරුන වන්නේ මා අවට සිටින එෆ්.බී මිතුරන් මෙම නිමිත්ත මුල් කොට ගෙන තම කේෂර විදහාගෙන සිටින ආකාරයයි. සමස්ත ලංකාවෙම පැතිකඩක් ලෙස මම දකින ඔවුන් තමන් තුල වන ආණ්ඩු හා මෛත්‍රීපාල-රනිල් විරෝධය හා මුසුකර මෙම නිලධාරියා උත්කර්ෂයට නංවා ඇත. කොටින්ම ඔහු අද උදේ වන විට ප්‍රොෆයිල් පික්චර් ෆ්‍රේම් එකක් බවට පවා පත් වී ඇත. අප අද සිටින යුගය මෙයයි. යම් සිද්ධියක් ඒ සිද්ධිය බැඳි දාමයෙන් ගලවා, එය තනි සිද්ධියක් ලෙස ගලපා, කිසිම කරුණු කාරණා විභාගයකින් තොරව, තම පුද්ගලික සිතුම් පැතුම් හා ආතතීන් මතම රඳවා එය ෆ්‍රේම් එකක් ලෙස තම මුහුණ අවට දවටා ගැනීමයි.

මා ආශ්‍රය කරන මෙවැනි බෙහෝ මිතුරන් එෆ්.බී මිතුරන් ම පමණක් වීම තරමක හෝ සැනසිල්ලකට කරුනක් වුවත්, රටක් ලෙස ගතහොත් ලෝකය-රට ගැන අපගේ අඩු සාක්ෂරතාවය ගැන යම් පසුතැවිල්ලක් ද වේ.

N. Malathy’s “A Fleeting Moment in My Country”: an Insider-Outsider In Tiger-controlled Vanni.

One mitigating factor in our understanding of the North and the plight of the Northener is the absence of literature that relates to their life, culture, plight and ordeal as they can be accessed by the Southern masses. The Sinhala South of Sri Lanka and their collective imagination of the terrain north of Vavuniya has at the best of times been coloured by narrative vacuums; while, at the worst of times, they have been bombarded by state propaganda. The general unawareness of history, the lack of reading in politics and culture and the want of exposure to a people (Tamils) whose history, language, culture, folk ways, anxieties and aspirations are as potent as your own (the Sinhala), and the fact that for 30-odd years the Tamil has been presented to the South by the State as a demon and as a threat further disables the average Southerner to connect with the case of the North.

Before the Sri Lankan government under then-President Rajapaksha resumed the war against the LTTE in late 2006, for almost four years there was an uneasy ceasefire and several tumbling attempts at dialogue as a way of pushing for a political solution for the North-Eastern Crisis. As the South was made to understand through the politicized media of the South, the LTTE was not very serious at negotiating peace. The South was repeatedly told that the LTTE was buying time to regroup and relaunch an attack. However, it was equally evident that the government, too, was not making much progress with their negotiations. In fact, they came across as poor negotiators at the table, pushing to and fro proposals that were bound to take them nowhere. The war resumed in 2006 and ended with the tragedy we all witnessed in the early months of 2009. The arrogance of that final assault left Vanni and the Tamil consciousness with a gaping cavity, a sense of futility and devastation while it earned the average Sinhala Southerner an ego-massage which on the long run wouldn’t pay for his bread. Lack of foresight at the triumphant hour left the government and its military playing hide-and-seek with the international community regarding allegations of crimes committed against humanity. Most probably, none of those responsible for the humanitarian tragedy in those closing months will be punished (so is our experience of international politics),but that loss could have been minimized for a positive initiative for all Lankan communities.

The South of Sri Lanka has very little documentation of what the Vanni experienced, and as to what their responses were to various stages of the war. In spite of a powerful discourse of post-2009 revisions of the closing stages of the war which has emerged since 2011, none of these texts are available to Sinhala audiences. The exception so far is Thamalini Jeyakumaran’s supposed autobiography which, as I have cautioned elsewhere, is clearly affected by her prisoner / in-custody status. Then again, with the exception of Rajan Hoole’s Palmyra Fallen (2015) most other investigations into the ‘Last War’ are voices that can be suggested to be from the ‘outside’, and whose efforts – in spite of their best interests – can be argued to represent an outside agenda. It is against all these contexts that I read N. Malathy’s A Fleeting Moment in My Country: The Last Years of the LTTE De-facto State (2012) in which the writer recounts her experiences working in the Vanni as a volunteer briefly in 2002, and then from 2004 to March 2009.

My first encounter with Malathy was as the translator of War Journey: Diary of a Tamil Tiger which is a translation of Malaravan’s (a slain LTTE cadre in 1990) Por Ula, first published in 1992 by the LTTE Publications Division. It had been a project Malathy had undertaken in hours where she couldn’t work owing to power-shortages in 2008, while working extensively in the LTTE’s Peace Secretariat and the North-East Secretariat on Human Rights. She makes extensively detailed entries of the work she did in and around Vanni in her book through which the reader is invited to glance at the extensive social, cultural, economic and political structures the LTTE had based its ‘de facto state’ in; quite in contrast to the ragtag quality of its administration as it was communicated to the South by the media at the time.

Peace that never was: Thamilselvan and Nimal Siripala de Silva during the 2006 talks.

Malathy’s subject position is one that is partial towards the Vanni, and the LTTE: at least to the Political Wing of the LTTE to which she was exposed. Her estimate of the capacity and strengths of leaders such as SP Thamilselvan and Pulitheevan (Secretary of the LTTE Peace Secretariat) is clearly stated through the narrative. On the day of Thamilselvan’s funeral — which resulted from aerial bombing of his hideout / office by the Lankan air force — she refers to the huge number of mourners who were gathered outside, not moving even when air force bombers flew about intimidatingly. She clearly hints at the futility in the loss of insightful and progressive leadership — such as Pulitheevan — who was killed upon surrendering to the government troops in May 2009. In fact, the zest and stamina which Malathy attributes to her onetime colleagues / assistants Karan and Ramanan who work tirelessly to help her compile reports and collect statistics against deteriorating conditions speaks for a discipline and selflessness which appeals to any activist dedicated to the recording and reporting of rights and rights violation.

N_Malathy-365x389
N. Malathy

The text also introduces to us a wide array of enigmatic presences engaged in various projects within the Vanni society during this crucial phase. Father Karunaradhnam — fondly referred to as Kili Father — dominates the opening chapters of the book with his tireless work getting centrally involved in addressing grievances of the people during the ceasefire. With a close personal link to the LTTE he is seen at times to go beyond his assigned space to attend to the grievance of a person. Similarly, Malathy in detail explains to the reader the concept and the design of Selchoolai and Aruvichchoolai children’s homes giving what is just a ‘concept’ to the non-Vanni reader the necessary context and content to understand better the special place these homes had gained in the community as a whole. Their founder and moving spirit Janani — said to be a close personal friend of Prabhakaran and his wife — is presented as a selfless investor on this project, which is her life’s work. She is said to have refused to leave Kilinochchi upon its evacuation and is believed to have been killed or taken her life.

Many other creative, committed and intelligent persons Malathy meets and has a chance to form connections with are said to have disappeared or killed during the the last phase of war. Her last memory of them is either a wave from far while evacuating, an acknowledgement of each other at a camp, or news received from a third party of their death. None of them survive, nor do their work of years’ toil. Even the careful and meticulous documentation on which Malathy invests her own time and energy is lost during removal. Her laptop is lost forever when it is caught in an areal bombing raid.

Malathy is a member of the New Zealand diaspora of Tamils. She is in fact a New Zealand citizen and it is hinted that her ultimate ‘get away’ from Menik Farm camp to New Zealand is largely owed by her citizenship status. She yet calls the de facto state run by the LTTE her ‘country’ and throughout the narrative she maintains a gulf between ‘Lanka’ and the ‘Tamil Homeland’. As I stated earlier, Malathy’s natural bias is towards the community she identified with and the people and the rulers of it on whose behalf she invests five years of her life. But, this should not deter a reader to use her work as a leverage to form a comparative reading of the Vanni during the ceasefire and during the final stages of the war. Malathy also dedicates two chapters to her time spent in Menik Farm, and makes observations of the conditions there. I wish to discuss these latter in a separate entry.

Authenticity, Memory and the Gaps that Demand Conviction: the Curious Case of Niromi de Soyza’s “Tamil Tigress”.

The more skeptical camp of Niromi de Soyza’s supposed-autobiography in general agree that it is possible that Subothini Anandaraja had a peripheral involvement with the Tamil Tigers, of which the book is an embellishment, and that the ‘autobiography’ is in large a weave based on fiction, other corresponding sources and hearsay. This summarizes the main accusation levelled against Tamil Tigress, which, since its launch in 2011, seem to have, as suggested above, courted public attention for all the wrong reasons. For instance, one such external source that has severally been alleged to have been internalized into de Soyza’s weave is Indian journalist M.R. Narayana Swami’s writings on the LTTE. In other spaces, mainly the Australian media and literary platforms, the ‘memoir’ has been facilitated unquestioned and thereby, is promoted as a work of integrity and authenticity.

A distressed Niromi de Soyza / Subothini Anandaraja at the Adelaide Film Festival of 2011, among others, is a much shared YouTube archive, where side by side with Frances Harrison, she speaks as an authority and a source on the Civil War in Sri Lanka and of atrocities committed against the Tamil community there.

new-TT-book-cover-640My initial instinctive reaction to Tamil Tigress was that, notwithstanding the issues of sincerity and the direction in which the producers of the books wants the discussion on Sri Lanka channeled, the book at any given point is unlikely to be more than a carefully crafted semi-fiction: the kind of narrative we anchor on fact, but which we expand as a document to create an echo of a time, place and culture, even at the expense of what really might have been or have been not. The many disagreements between fact and representation, the incongruity of certain detail, and the mistakes and misdirections that, at one level, are inevitable when you are writing out of second-hand knowledge takes away from de Soyza’s / Anandaraja’s claims of ‘undisputed authenticity’. With a view of non-repetition and of not overlapping what readers / critics (including myself) have had earlier pointed out in other spaces I, in this section, wish to draw on the positioning of Tamil Tigress as a text that attempts memorialization, representation and protest, and as to its inherent shortcomings as a credible narrative.

For a meticulous narrator who keeps close track of time and durations while making frequent notes of dates, months and the time lapses in between the most insignificant of incidents, Niromi also makes glaringly unconvincing notes which often push the narrative towards incredibility and credulity. For Niromi, in 1979, the Yal Devi running between Colombo and Jaffna offers A/C carriages, and the burning of the Jaffna Library – generally accepted to have been carried out on the night of June 1st 1981 – happens in a morning. In the Third Chapter, set in 1983, Niromi claims to be a child of 12, though elsewhere, it is suggested that she was born in 1969 (she is 8 years old when, in 1977, she is relocated to Jaffna), which would make her 13 years of age in 1983. The train journey from Norton Bridge to Jaffna, which Niromi undertakes with her father, takes 18 hours.

1910303348_orig
“Niromi de Soyza”

In presenting the Sinhala Only Act (1956) and the Standardization of University entrance (1972), the writer refers to both these implements in the space of the same paragraph, as if they are in consequence of each other. In reality, the two enactments are a decade and a half apart from each other, while many other developments which the writer leaves out of the narrative (such as, for example, the failed attempts at democratic negotiation between Chelvanayakam and two successive regimes between 1958 and 1965) had, in the interim, widened the ethnic gulf. She makes a passing reference to anti-Tamil agitations of 1956 and 1977, though there is no reference made to 1958, 1979 or 1981. These de-selections are intriguing; specially, in the case of the violence of 1981, when the writer is said to have lived in close quarters to the town.

The writer refers to a Tamil militant call for a Sovereign state that is said to have happened in 1978. Assuming that this is a reference to the Vaddukottai Resolution, the year of that confederation is generally agreed to have been 1976. However, a dualism on which Niromi often lays emphasis is her sheltered, convent-educated girlhood spent in conventional surroundings, notwithstanding of which she is quite political-minded from a young age. At 14, she is already anxious of a possible state-engineered Tamil genocide. At 16, and having had lived the last eight formative years within the walls of an almost exclusively Tamil Jaffna, she is yet perceptive enough to ponder on how politicians create polarization among the people in the South and the North for their own petty gains. There is a schizophrenic disparity of personality between this ‘perceptive Niromi’, and the ‘uncritical, single-minded Niromi’ who gets drawn to militarism in spite of her faint misgivings of the LTTE. She is either blind or insensitive to instances of LTTE ruthlessness, in spite of several incidents that stir deep doubt within her. The killing of the EPRLF cadre, ‘Benjamin’, by the LTTE, the killing of Principal C.E Anandarajah, the brutal killing of Vellai – a fellow cadre – and the story of an LTTEr being ordered to kill his own father suspected of espionage are instances that waver Niromi; but, she, in spite of her otherwise critical-minded energy, always reasons in favour of the Movement. This leaves a palpable inconsistency of character.

From the beginning, Niromi’s home is seen as a regular middle class domain which keeps a strict monitoring eye on the children’s movements and pastimes. Even though one may overlook shampoo, a rare and luxurious item in 1985, being routinely used by her ordinary, middle class family, the casual, offhand references to pickets and demonstrations in which Niromi is said to have taken part in her pre-LTTE days and the non-response by the mother to these nonconformist acts come across as incongruous with the otherwise iron hand of her parentage. These pickets are casually referred to as an aside, more like a ‘filler’, to intensify a rebellious energy in Niromi which the writer wants to highlight, but is not backed by any concrete detail. As to how, when and in what pretext Niromi participated in these pickets and as to what those demonstrations were in aid of, one may suggest, are as important to the narrative as any other detail.

In April 1986, due to the rise of militancy in the North, the G.C.E O/L exam is said to be already postponed indefinitely. The calling off of an exam set for December as early as April comes across as improbable. The EPRLF ideologue ‘Benjamin’ is said to have had a Tamil accent of Indian origin, and not one of the Hill Country. This is a curious incongruity in trying to demarcate the Tamil dialect of the North with that of the Estate-centric Hills, as the Hill Country Tamil community are of Indian descent, whereas the point of contrast would have been to contrast Benjamin’s speech with one of the dialect of one of the two localities.

ACfU3U13NW6BorM8pavTdc7QZ2hCcce3Kg_zOn July 1st 1987, Niromi and her fellow female combatants begin military training. However, there is very little detail regarding the specifics of the training. Descriptions given are often banal, and overly general in character to provoke representation. There is not enough evidence to convince the reader that Niromi had necessarily undergone the weapon training alluded to. Details of camp-life are often expressed without character. Even more interesting is how Niromi and Ajanthi – both frequently marked apart from the other female cadre for their more ‘affluent’ backgrounds – and the combatants from remote and impoverished socio-economic circumstances get along with no tension or friction. Definitions of class and its complications do not hinder camp life, except in the case of the senior, male leadership, who treat Niromi differently from the rest, being considerate of her softer upbringing. The female cadre are also seen playing a game called ‘Guessing the Laugh’. This choice of name, given the majority among the women combatants, comes across as classed, and improbable.

The generally elusive LTTE leader Velupillai Prabhakaran, in that sense, is omnipresent in Niromi de Soyza’s Tamil Tigress. He is seen as a frequent visitor to the Freedom Birds Headquarters, freely mingling with the cadre. He even goes to the extent of explaining step by step his political responses (such as the laying down of arms in 1987) to the female cadre who sit around him and listen. Though this is not improbable, there is still an air of fiction and embellishment about these passages. Prabhakaran is seen engaged in weapon training in a part of the Jaffna University, even though the campus is said to be within the range of IPKF missiles. A large quantity of intercepted letters, photo albums and documents of importance are seen to freely lie about in the Freedom Birds Headquarters, which includes correspondences from moderate Tamil politicians in exile, who had been writing home. In one of his meetings with Niromi, Prabhakaran hands over Rs. 20,000 for purposes of clothing the female wing. In 1986, that amount for that specific purpose to be handed in in the offhand way it is done overwhelms the reader. Other leading figures whom Niromi gets a chance to interact at close quarters include Mahatthaya, Kittu, Yogi Master and Karikalan.

The writer suggests that LTTE frontliner Kittu’s leg was critically injured and amputated about “18 months prior to” July 1987: the month of Niromi’s commencing her weapon training. By this admission, Kittu’s injury would have been received in about January 1986. Historically, the injury is understood to have occurred in March 1987. Going by Niromi’s timeline, the ceremonial handing over of arms by the LTTE to the IPKF happens in mid-August 1987, a few weeks past its possible historical date. Niromi’s weapon training ends in the end of August: a course of 2 months. Later, she is sent to set up claymore mines, though there was never references to her being educated in mine-setting during her basic 2 month training period.

According to Niromi, a Government Agent is shot to death a few months after Thileepan’s death in September 1987. The said official’s daughter, by the writer’s admission, was her classmate. Who this government official is a bit unclear. Jaffna’s Government Agent from 1984 to 1989, Panchalingam, was shot to death by the LTTE in 1989. Still, in 1987, a group of Jaffna university students, on their way to the computer lab, is stopped by Niromi and her fellow cadres who are on sentry duty at the campus gates, making the students disgruntled. Indeed, it is worth to verify the existence of such a facility – and, in spite of my ignorance, there may have been such a center – even though according to the University of Jaffna website, the Faculty of Science, along with a Computer Science Department, was only set up in 1991.

In the first instance of being unexpectedly called upon to halt the progress of an encroaching enemy battalion, Niromi rushes in, while eating biscuits. She has a brief Wordworthian moment when, 100 meters ahead of her, she spots a “thousand” IPKF soldiers waiting in ambush, while in an uncannily repetitive roster Niromi’s sentry duty falls almost always at either 1.00 AM or 2.00 AM. She is both witty and quick in responses with even the senior-most cadres: this, in spite of the LTTE being introduced as a strict, stiff, hierarchical institute. At one point, Niromi has senior male cadres such as Roshan tightly wrapped around her finger, while others such as Razzak, Thileepan and Muralie are different towards her in their favouratism. Even Prabhakaran’s address to Niromi is marked with a personal note and affection.

26a-thileepan-resized
Thileepan

Most unconvincing are the two battle scenes which Niromi minutely outlines for us. The first battle scene – the unexpected confrontation with the IPKF and the consequent retreat – provides interesting reading, to say the least. The mode of the LTTE’s operation, if indeed things happened the way Niromi narrates them, betrays an amateurish rag-tag quality of the best kind. The Second Battle is a narrator’s disaster, especially if the writerly purpose is to evoke pathos and tragedy. The second battle triggers as the contingent led by Muralie and Sudarshan attempt to cross a road, and is set upon by the enemy from all sides. This scene, I feel, is heavily steeped in melodrama and echoes a badly choreographed Bollywood script. Bullets are seen whizzing by, while bombs thrown are seen to cinematically cut across the air towards you, giving you just enough time to duck, and to call out a warming to the cadre next to you (Gandhi Aiya); and for it to hit the fellow cadre, his brains to spill all over you, and for his headless torso to fall on the ground. Bullets are seen to graze you by, hitting all in the vicinity, but you. Even as combatants fall attempting to scamper across the road, the rest still follow through. Banana fronds, water tanks and roofs are readily available for cadres to retreat to. The alleged 2000-strong enemy misses its target which is within touching distance.

In the initial aftermath of its release, and at the trigger of heavy debate, Michael Roberts and D.B.S. Jeyraj were among two writers, both with a long bibliography attesting to their works and observations on matters Lankan, who contributed heavily to two growing camps; one in the defense of the text, while the other attempted its unravelling. Since then, this discourse has evolved and entrenched various other opinion-honers – some of them less visible behind their cyber masks and aliases – and a whole Facebook Page which, at least in its early days, attempted to pool evidence against the book’s claim of being ‘authentic’. Roberts, writing from Adelaide, has to date made a long, comprehensive argument against the veracity of Tamil Tigress which he, along with views on the subject that he had collated from other writers, has posted on his online forum, Thuppahi’s Blog. Jeyaraj, on the other hand, has made sustained efforts to defend Niromi de Soyza / Subothini Anandaraj and the text, even going to the extent of supplementing the reader with personal anecdotes, and heavily detailed background information that would discourage the book from being cast aside as a fabrication. To say the least, Jeyaraj’s commentaries and his fillings in are more fulfilling and convincing in detail and description than the original text that, at moments, one even feels that Jeyraj would have fared better making himself the ‘writer’ of Tamil Tigress which he now spends the time defending.